දින 52ක කාලයක් සෙන්පති කුජ රැඳී සිටී
පිපිරීම්, වෙඩි තැබීම්, ගුප්ත මරණ ගැන අසන්නට ලැබෙන කාලයකි.
බන්ධනාගාර ආශ්‍රිතව යම් යම් සිදුවීම් ගැන ද අසන්නට ලැබෙන බව පෙනේ.
මාස 2කට අධික කාලයක්, එනම් අප්‍රේල් 03 සිට ජුනි 07 තෙක් සෙන්පති කුජ ග්‍රහයා නීච චලිතය තුළ ගමන් කරනු ලැබුවා. එම කාලය තුළ මාරක අනතුරු, හද කම්පා කරවන සිදුවීම් නිරන්තරයෙන්ම ඔබ හට අසන්නට ලැබූ බව කිවමනාය. මෙසේ නීච භාවයෙන් මිදී තමාගේ මිත්‍ර රාශියක් වන රවිට අයත් සිංහ රාශියට මෙම මස 7 දා පෙ.ව. 2.13 ට ගෝචර වේ. එම රාශිය තුළ දින 52 ක පමණ කාලයක් සෙන්පති කුජ රැඳී සිටී.
කුජ ග්‍රහ මාරුව සිදු වන විට තත්කාල ලග්නය වශයෙන් මීන ලග්නයත් කුම්භ නවාංශකයත් උදාව පවතී. එහිදී ලග්නගතව ශනි ද දෙවැන්නේ සිකුරු ද තෙවැන්නේ රවි ද සිව්වැන්නේ බුධ ද ගුරු ද හයවැන්නේ කුජ ද කේතු ද අටවැන්නේ සඳු ද දොළොස්වැන්නේ රාහු ද මෙසේ ගමන් ගෙන තිබේ. වාරියන් යෝගය ද සිත නැකත ද විෂ්ටිකරණය ද එදින පවතී. එසේම කුජ – කේතු එකට එකතුව ගමන් කිරීම පිපිරීම්, වෙඩි තැබීම්, ගුප්ත මරණ ගැන අසන්නට ලැබෙන කාලයකි. සිත නැකත වනාහි ශ්වේත වර්ණ, ස්ත්‍රීලිංග, තියත්මුඛ, තේජෝභූත තාරකා එකකින් යුත් නැකතකි.
එසේම බන්ධනාගාර ආශ්‍රිතව යම් යම් සිදුවීම් ගැන ද අසන්නට ලැබෙන බව පෙනේ. හඳුනා නොගත් ප්‍රබල වෛරස් රෝග රට තුළ ව්‍යාප්ත වන බව පෙනේ. රාජ්‍ය ආයතනවල මෙන්ම දෙපාර්තුමේන්තු ආදී කටයුතු කරන ප්‍රධානීන්ට යහපත් නැත. මේ වන විට බුධ ග්‍රහයා ද බලවත්ව ගමන් කිරීම හේතුවෙන් බුද්ධිමතුන්ට, ශිෂ්‍යයන්ට යහපත් බවක් ඇති කරයි.
කුජ මෙසේ ගිනි රාශියකට යෑම මත රට තුළ ගිනිගැනීම්, පිපිරීම් ගැන ද අසන්නට ලැබේ. කුඩා ව්‍යාපාරිකයන්ට යම් සහන හිමි විය හැකි දින කිහිපයකි. ඒ අනුව සෙන්පතිගේ සිංහරාශිගත වීම ලග්න 12 ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.
මේෂ ලග්නය- මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් විද්‍යා ස්ථානගතව හෙවත් පස්වැන්න තුළ කුජ ගෝචර වේ. ඔබට උදරගත අසනීප තත්ත්ව ඇති වීමට ඉඩ පවතී.
රැකියාගත ගැටලු, යම් යම් අවුල් වියවුල් පවා ඇති වීමට ඉඩ පවතින දින කිහිපයකි.
වෘෂභ ලග්නය – වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රය තුළ 7 සහ 12 අධිපති වෙමින් 4 වැනි භාවය තුළ කුජ ගෝචර වේ. භූමිය සම්බන්ධ යම් යම් ගැටලු ඇති වන බවක් පෙනේ.
මිථුන ලග්නය – මිථුන ලග්නය හිමි ඔබගේ හය වැන්න සහ එකොළොස් වැන්න අධිපති වෙමින් තුන්වැනි භාවය තුළ කුජ ගෝචර වේ. බාල සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. ලග්නාධිපති බලවත්ව ගමන් කිරීම හේතුවෙන් ඔබගේ ජනප්‍රියත්වය තවත් වැඩි වන බව පෙනේ.
කටක ලග්නය – කටක ලග්නය හිමි ඔබගේ යෝග කාරක ග්‍රහයා වෙමින් දෙවැනි භාවය තුළ කුජ ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වේ. ඔබගේ වචන නිසා සමහර අය ඔබගෙන් ඈත් වීම් පවා පෙන්නුම් කරයි.
සිංහ ලග්නය – සිංහ ලග්නය හිමි ඔබගේ යෝග කාරක ග්‍රහයා වෙමින් ලග්නගතව කුජ ගෝචර වේ. කෙළින් තීරණ ගන්නා කාලයකි. තරමක් දුරට ආවේගශීලි ගති ඔබ තුළින් දැකගත හැකිය. ලැබීම් අතින් යහපත් වේ.
කන්‍යා ලග්නය – කන්‍යා ලග්නය හිමි ඔබගේ අට අධිපති වෙමින් දොළොස් වැනි භාවය තුළ කුජ ගෝචර වේ. ඔබගේ ලග්නාධිපති බලවත්ව රැකියා ස්ථානගතව ගමන් කිරීම හේතුවෙන් රැකියාවේ දියුණුව, උසස්වීම් ලැබිය හැකි කාලයක් ද වේ.
තුලා ලග්නය – තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ හත අධිපති වෙමින් අයස්ථානගතව හෙවත් එකොළොස් වැනි භාවය තුළ කුජ ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වන අතර හවුල් ව්‍යාපාරවලින් වාසි ඔබට ඇති කරයි.
වෘශ්චික ලග්නය – වෘශ්චික ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති වෙමින් දහ වැන්න තුළ කුජ ගෝචර වේ.
රැකියාවේ දියුණුව, උසස්වීම් දැකිය හැකි කාලයකි. ඔබ ඇසුරු කරන අය අතරේ ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය හිමි වේ.
ධනු ලග්නය – ධනු ලග්නය හිමි ඔබගේ, පහ අධිපති වෙමින් භාග්‍යස්ථානගතව කුජ ගෝචර වේ. ඔබට භූමියෙන් වටිනා කියන දෑ හිමිවිය හැකි කාලයකි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට ඉතා යහපත් වේ.
මකර ලග්නය – මකර ලග්නය හිමි ඔබගේ බාධක ග්‍රහයා වෙමින් අට වැන්න තුළ කුජ ගෝචර වේ. හදිසි අනතුරු, අස්ථි රිදුම්වලට පවා ඇති වීමට ඉඩ පවතින කාලයක් වන බැවින් ප්‍රවේශම් වීම ඉතා වැදගත් වේ.
කුම්භ ලග්නය – කුම්භ ලග්නය හිමි ඔබගේ 10 අධිපති වෙමින් හත් වැන්න තුළ කුජ ගෝචර වේ. හවුල් ව්‍යාපාරවලින් වාසි ඇති කරයි. ඉක්මන තීරණ ගන්නා දින කිහිපයකි.
මීන ලග්නය – මීන ලග්නය හිමි ඔබගේ 2 සහ 9 අධිපති වෙමින් 6 වැනි භාවය තුළ කුජ ගෝචර වේ. ඔබට ඇස්වල මෙන්ම උදරගත ආබාධ තත්ත්වයන් ද ඇතිවීමට ඉඩ පවතී.
2025.06.01 නැකත ජොතිෂ්‍ය අතිරේකය තුළ ‘කුජ, සිකුරුගේ නිවසට එයි’ යන ශීර්ෂපාඨය තුළ මෙසේ සඳහන්විණි.
තත්කාල කේන්ද්‍රයේ 22 දෙර්කානාධිපති ගුරුට අයත්වීම මත ආගමික නායකයන් වහන්සේලාට යහපත් නැති බව සහ ප්‍රකට සංඝ පීතෘවරයකුගේ අහිමි වීමක් පෙන්නුම් කළ බව එහි සඳහන්විය. එය සනාථ කරමින් මෙරට සිටි සංඝ පීතෘ වරයාණන් වහනසේ නමක් වන බණ්ඩාරවල අමිතානන්ද ස්වාමීන් වහන්සේගේ අපවත් වීම මේ කාලය තළ සිදු විය. එසේම පසුගිය කලාපයක මෙරට ප්‍රධාන කාලාකාරිනියකට අපල බවත් සඳහන් විණි.
(මෙය පොදු පලාපල විස්තරයක් බැවින් ඔබ ගත කරන දසාව අතුරු දසාව බලා නිවැරදි තක්සේරුවකට එන්න.)

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658