තව 7කට භාගයක් වසයි
‘කුරිරු ජාතිවාදී තීරණයක්’ – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියයි
රටවල් 12 ක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.
එසේ තහනමට ලක්වූ රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.
බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයන්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර තිබේ.
සිය සමාජ මාධ්‍ය වීඩියෝවක් පළකරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයන්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ” යනුවෙනි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම කුරිරු හා ජාතිවාදී තීරණයක් බවය.
චතුර පමුණුව