Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාර්ලිමේන්තුව – අසත්‍ය ප්‍රකාශ කර සැඟවීමට නව දූෂණ පනතෙන් ඉඩක් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාර්ලිමේන්තුව – අසත්‍ය ප්‍රකාශ කර සැඟවීමට නව දූෂණ පනතෙන් ඉඩක් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පාර්ලිමේන්තුව – අසත්‍ය ප්‍රකාශ කර සැඟවීමට නව දූෂණ පනතෙන් ඉඩක් නෑ

3 days ago
71 Views

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර
කවුරු හරි අල්ලලා කූඩුවෙ දාලා ආණ්ඩුවට හැමදාම යන්න බෑ
චාමර සම්පත් දසනායක
දයාසිරි බොරු කිව්වා නම් මාධ්‍ය සාකච්ඡා බෑ පරීක්‍ෂණ ගිහින් ඉවරයි
ඇමැති වසන්ත සමරසිංහ
කිසිම බලයක් නැති ඇමැතිවරයෙක් කන්ටේනර් මුදාහැරලා
දයාසිරි ජයසේකර
වංචාවලට සම්බන්ධ වූවන් හිරේ දානව වගේම ඒ මුදලුත් අයකර ගත යුතුයි
එස්. එම්. මරික්කාර්

නයෙක් කෑවා හෝ මගේ නොවෙයි කියා අසත්‍ය ප්‍රකාශ සිදුකොට සැඟවෙනවා වෙනුවට තම වත්කම් බැරකම් නිසි ලෙස ප්‍රකාශ කිරීමට අවශ්‍ය රෙගුලාසි නැවත නිසිලෙස සරල අන්දමින් ප්‍රකාශ කළ හැකි ලෙස නීති, රෙගුලාසි සංශෝධනය කළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) පැවසීය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ (04 දා) පෙරවරු 9.30ට කතානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 21/27 යටතේ ප්‍රශ්න විමසීම ඉන් අනතුරුව සිදුවිය. දූෂණ විරෝධී පනත යටතේ නියෝග සම්බන්ධයෙන් දිනට නියමිත වූ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා –

“මේ රජය බලයට පත්වීම සඳහා අපට ලැබුණු ප්‍රධානතම ජනවරමක් තමයි රටේ අල්ලස, දූෂණයට, වංචාවට එරෙහිව නීති යාන්ත්‍රණය සහ එම පද්ධතිය තදින් ක්‍රියාත්මක කොට රටේ දැවෙන ප්‍රශ්නයක් වන අල්ලසට, දූෂණයට එරෙහිව කටයුතු කිරීම. එම ජනවරම අනුව අප පනතක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ වගේම මෙම දූෂණ විරෝධී පනත මීට වසරකට පෙර සම්මත කරනු ලැබූවද එය ක්‍රියාත්මක වීමට අදාළ නිසි යාන්ත්‍රණය සහ එම රෙගුලාසි ක්‍රියාත්මක වී තිබුණේ නෑ. නව රජය පත්වූ පසුව අපිට අවස්ථාව ලැබුණා ඒ රෙගුලාසිත් ගෙන එන්න.

මේ රටේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් තිබෙන්නා වූ නීතිරීති, පුරවන්න තිබෙන ෆෝම් ආදී ඒ සියල්ලම අරගෙන බැලුවත් පැහැදිලි වෙනවා මේවා වර්තමාන ගෝලිය අභියෝගයන්ට, වර්තමාන නීතිමය තත්ත්වයන්ට, සංකීර්ණ වූ මුදල් හුවමාරු වන ස්ථානයන්හි මේවා යාවත්කාලීන කරන්න අපට හැකියාවක් ලැබිලා නෑ. ඒ සියලුම තත්ත්වයන්ට ගැළපෙන පරිදි මේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ රෙගුලාසි ගෙන එනු ලැබුවේ. මේ ගැන අනිසි බියක් ඇති කරගත යුතු නෑ. වත්කම් බැරකම් සඟවන්න යන අයට තමයි මෙය අදාළ වූයේ.

මහජන දේපළ සඟ සතු දේපළක් ලෙස බලා ගත යුතුයි. එහෙත් ඒවා තමන්ගේ පවුල්වල සුභසිද්ධිය සඳහා භාවිතා කළ අය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය විසින් තීන්දු ලබා දී තිබෙනවා. අර මාව නයෙක් කෑවා වැනි දේවල්වලට අද ගෙනෙන මේ සංශෝධනයෙන් ඉඩක් ලැබෙන්නේ නෑ. මගේ නොවෙයි කියන්නත් බෑ.

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්‍ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ –

අපේ රටේ වංචා දූෂණ පිළිබඳව පසුගිය 2011 සිට විශාල මෙහෙවරක් කළා. පැමිණිලි දැම්මා. නඩු දැම්මා. නඩු වැටුණු සියලු දෙනා උසාවි හරහා වැලිකඩ බන්ධනාගාරයේ බලය අල්ලමින් ඉන්නවා. සමහර අය බොරු කියන එක කලාවක් කරගෙන. ඊට වැඩි දුරක් යන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා.

තමන්ගේ දේපළ වත්කම් හරියට ලියලා ඉදිරිපත් කිරීම කළ යුතු බවට මේ නීතියෙන් කියැවෙනවා. බොරුවට කියා දාන්න එපා. විපක්‍ෂයේ අය ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන බොරු කියන්න ගත්තා.

පසුගිය දවස්වල සමහරු සංදර්ශන පැවැත්වූවා. ජනාධිපතිට දේපළ තියෙනවා කියලා ෆුල් ෂෝ එකක් ගහලා නාරාහේන්පිට පැත්තේ. දැන් ඒකට පරීක්‍ෂණ පැවැත්වෙනවා. දයාසිරි ජයසේකර දැන් නිවැරැදි කිරීමේ මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. තමන් රිසි ලෙස බොරු කියලා සමාජය නොමඟ යවලා ඇත්ත හොයන්නේ නැතිව බොරු කියනවා. ඔහු පක්‍ෂ ලේකම්වරයෙක්.

උතුරුමැද පළාත් සභා වාහන වෙන්දේසියක් සිදුවුණා. වාහන විකුණන්න පෙර රජය තක්සේරු කරනවා. රුපියල් 344,0000කට විකුණපු එක දෙකෝටියකට වික්කෙ කියලා බරපතළ බොරු කිව්වා. මේවා ගැන තොරතුරු හොයන්න තිබුණෙ බොරු කියන්න පෙර. ඇත්ත හොයන්න තිබුණා.

ඔය වගේමයි වරායෙන් කන්ටේනර් 300ක් පිටවුණා කියන කතාව. හදිසියක් ඇතිවන වෙලාවට කන්ටේනර් පිටකරන ක්‍රම කිහිපයක් පවතිනවා. බොරු කිව්වා නම් සී.අයි.ඩී.යට ගිහිල්ලා කියන්න පුළුවන්. මාධ්‍ය සාකච්ඡා තියන්න බෑ. පරීක්‍ෂණ ගොඩක් දුර ගිහින් ඉවරයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක (න.ප්‍ර.පක්‍ෂය) – වත්කම් බැරකම් ප්‍රකාශ මුලින්ම දීලා තියෙන්නේ මම. තවම ගිය සැරේ ෆයිල් නොදීපු අයත් ඉන්නවා. අධිකරණ ඇමැතිටත් වරදින තැන් තියෙනවා. එළියට ගිහින් කතා කරන විට අධිකරණයට ගරු කරන්න. ඇමැතිවරයා මහින්දානන්දට නඩු තීන්දුවක් දුන්නේ ජාතික ජන බලවේගය නිසා කියල කිව්වා. එය විනිසුරුවන්ට අපහාසයක්

අධිකරණ ඇමැති – මම අධිකරණයට අපහාස කර නෑ. එදා විනාඩි 09ක් කතා කළා. එය විනාඩියකට කෙටි කරලා කතාව වෙනස් කරලා රූපවාහිනී නාලිකාවක දැම්මා. මම අධිකරණයට අපහාස කළා නම් පැමිණිලි කළ හැකි තැන් තිබෙනවා. විපක්‍ෂයේ බොරුවලට ඉඩදිය යුතු නෑ.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක – මේ ආණ්ඩුව ෆේල්වෙලා. කවුරු හරි අල්ලලා කූඩුවෙ දාලා පෙන්වනවා. ඔහොම හැමදාම යන්න බෑ. කතා කරන මිනිහව ඇතුළට දානවා. මේ ආණ්ඩුවෙන් ජනතාවට කිසිම සෙතක් වී නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) –

දූෂණ වංචාවලට සම්බන්ධ වූවන් නඩු කියලා හිරේ දාන්න ඕන. ඒ වගේම ඒ මුදල් අයකර ගත යුතුයි. වත්මන් ආණ්ඩුව උගන්ඩාවේ හංගපු මුදල් තියෙනවා කිව්වා. පස්සේ බොරු කිව්වා. මේවා අයකර ගන්න ක්‍රම තිබිය යුතුයි. හිරේ දැමීමේ සංදර්ශන කලාව නොව අදාළ වංචාකළ මුදල් නැවත අයකර ගන්න ක්‍රියා කළ යුතුයි.

දූෂණය වගේම නාස්තියත් බලපානවා. රිළා සංගණනය කළා ප්‍රතිඵල තවම නෑ. එහි මුදල් නාස්තියක් සිදුවීම ගැන ආණ්ඩුව කතා කරන්නේ නෑ. වරායේ කන්ටේනර් මුදාහැරීම ගැන මත කීපයක් තියෙනවා. තවම පිළිතුරක් දීලා නෑ.

නියෝජ්‍ය ඇමැතිසුනිල් වටගල –

බිමල් රත්නායක හා නලින්ද ජයතිස්ස ඇමැතිවරුන් ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ලවෙලා. ඒ ආණ්ඩුවේ ඊළඟ නායකත්වයට එන නිසයි. බොරු බේගල් ටිකක් විසි කරනවා. අපි මඩ පැත්තකට දාලා ගමන යනවා. දැන් සමහර අයට තමන්ගේ බොරුව එක දවසක් තියාගන්න බෑ. සමාව ඉල්ලනවා. බොරුව සමාජගත වෙන්න දෙන්නේ නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) –

ආණ්ඩුව පත්වී මාස 06 තුළ චෝදනා කිහිපයක් එල්ල වී තියෙනවා. කන්ටේනර් 323, මන්නාරම බලාගාරය ටෙන්ඩරයෙන් පිට ලබාදීම ආදිය ගැන අල්ලස් කොමිසමට ගියා. අපි ඒ ගැන අවධානය යොමු කරනවා. විගණකාධිපති තනතුරට සුදුසු නැති අයෙක් පත්කරන්න හැදුවා. හැම තිස්සෙම ඒ දෙපාර්තමේන්තුවෙන්මයි පත්කළේ. එළියෙන් ගෙනාවා රාජ්‍ය සේවයේ නැති කෙනෙක්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර –

ආණ්ඩුවට පෙරයි දූෂණ මර්දන පනත ගෙනාවේ. අපි හැමදාම දූෂණයට විරුද්ධව පෙනී සිටියා. කවුරු කළත් වැරැදියි. මේ ආණ්ඩුව යටතේත් දූෂණ ගණනාවක් ගැන කතා කරනවා. කිසිම බලයක් නැති ඇමැතිවරයෙක් කන්ටේනර් මුදාහැරියා.

අපිව සී.අයි.ඩී.යට කැඳවලා. පැමිණිලි කරපු අයව කැඳවලා. හාල් ගෙනෙද්දි දූෂණයක් වෙලා. මෙවැනි කාරණා ගොඩාක් වෙලා තියෙනවා.

පත්කළ මන්ත්‍රී නජිත් ඉන්දික (ජාජබ) – අද සිදුවන නඩු තීන්දු නඩු පැවරීම් බැලුවම පේනවා රටේ දේශපාලනඥයන් කොහොමද මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරලා තියෙන්නේ කියලා. අවුරුදු පහට පැත්තෙන් පැත්තට පැනලා කටයුතු කළේ ඇයි කියලා ජනතාවට පේනවා. රටට මොනවා වුණත් කමක් නෑ කියා හිතුවා. මේ නිසා අවසානයේදී රට බංකොලොත් වී අරගලයක් ඇතිවී පිපිරීමක් ඇතිවුණා.

පාර්ලිමේන්තුව අද (05 දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok