Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන සජබ මන්ත්‍රී අජිත් පෙරේරාගෙන් ප්‍රශ්න වැලක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන සජබ මන්ත්‍රී අජිත් පෙරේරාගෙන් ප්‍රශ්න වැලක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන සජබ මන්ත්‍රී අජිත් පෙරේරාගෙන් ප්‍රශ්න වැලක්

3 days ago
213 Views

උත්තර දෙන්න ආණ්ඩුව කල් ගනී

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් සහ ඒවායේ තොරතුරු පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා (සජබ) මහතා ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දීමට ආණ්ඩුව කල් ගත්තේය.

අගමැතිනියගෙන් ප්‍රශ්න ඇසීම සඳහා ඇති වටයේදී අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න 05 ක් යටතේ ප්‍රශ්න 10ක් විමසීය. ඒ මහතා විසින් අසන ලද ප්‍රශ්න මේවාය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2025-04-4 සහ 04-5 වැනි දින මෙරට නිල සංචාරයකට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුම් ගණන කොපමණද? එම ගිවිසුම්වලට අදාළ විෂය පථයන් මොනවාද? එම ගිවිසුම්වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කරන ලද තැනැත්තන් කවුද? එම ගිවිසුම්වලට අදාළ විෂය භාර අමාත්‍යාංශ මොනවාද? ඒ ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජයේ නීතිපතිවරයාගේ අවසරය හිමිවූ දිනයක් කවරේද? එම ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒවාට කැබිනට් අනුමැතිය ලැබුණාද? එම ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවල අංක මොනවාද? එම ගිවිසුම් සියල්ලේම පිටපත් අද සභා ගත කරන්නේද? රාජ්‍ය පාලනයේ පාරදෘෂ්‍යභාවය ආරක්ෂා කිරීමට ඉහත ගිවිසුම් සභාගත කිරීම අත්‍යවශ්‍ය බව පිළිගන්නේද? එසේ නොමැති නම් ඒ ඇයි?

එම අවස්ථාවේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය අසුන්ගෙන සිටි අතර නැගී සිටි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ එම ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට කල් ගන්නා බවත් පිළිතුරු දීමට හැකි විගස ඊට පිළිතුරු ලබා දෙන බවත්ය.

අජිත් පී. පෙරේරා මහතා – 2025-04-04 සහ 2025-04-05 වැනි දින තමයි මේ ගිවිසුම් අත්සන් කළේ. මේ ගිවිසුම් සම්බන්ධයෙන් මේ සභාවේ දිගින් දිගටම ප්‍රශ්න කළා. මේ ගිවිසුම් විධිමත්ව සභාගත කරන ලෙස ඉල්ලීම් කළා. මේ ප්‍රශ්නය යොමු කළේ පිළිතුරු සපයන්න ප්‍රමාණවත් කාලයක් දීලායි. එසේ තිබියදී මෙම වැදගත් ප්‍රශ්නයට පිළිතුරු දීමට කල් ගැනීම ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැරීමක් ලෙසයි අප සලකන්නේ. සභානායකතුමා යම් නිශ්චිත දිනයක් කියන්න පුළුවන්ද පිළිතුරු දෙන්නේ කවදාදා කියලා.

සභානයක, අමාත්‍ය බිමල් රත්නායක මහතා – මේ සඳහා පිළිතුරු දීමට අමාත්‍යාංශ කිහිපයකින් තොරතුරු ගැනීමට තිබෙනවා. අපි ඒ තොරතුරු ලබා ගෙන ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී මේ සඳහා හරි පිළිතුරු ලබා දෙන්නම්.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok