වාද්දුව නව පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා මහාතා අද (03දා) ආගමික ආශීර්වාදය වැඩ භාරගත්තේය.
කොළඹ සහ ජයවර්ධන විශ්ව විද්‍යාල වලින් නීතිය හා මානව හිමිකම් සම්බන්ධ ඩිප්ලෝමා සහ උපාධිධාරියෙක් වූ ඒ මහතා චීනය ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති අතර හයිටි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් නිරතව ඇති අයෙකි.
2001 වර්ෂයේ උප පොලිස් පරීක්ෂක වරයෙක් ලෙස සේවයට එක්ව කළුතර පොලිස් විද්‍යාලයෙන් මූලික පුහුණුව හදාරා ඇති ඒ මහතා පයාගල, බේරුවල, කුච්චවේලි, කොහුවල සහ බොරැල්ල පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කර ඇති අතර අපරාධ මැඩලීම සම්බන්ධයෙන් නමක් දරා ඇති නිළධාරියෙකි.
කළුතර ඥානෝදය විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යකු වූ ඒ මහතා දෙදරු පියෙකි.