Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශීය සිසුන්ට KDU වෛද්‍ය පීඨයේ දොර වැසීම අසාධාරණයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශීය සිසුන්ට KDU වෛද්‍ය පීඨයේ දොර වැසීම අසාධාරණයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දේශීය සිසුන්ට KDU වෛද්‍ය පීඨයේ දොර වැසීම අසාධාරණයි

May 26, 2025
123 Views

අගතියට පත්වන අය සමග නීතිය හමුවට යනවා- විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට මින් ඉදිරියට දේශීය සාමාන්‍ය සිසුන් බඳවා නොගන්නේ නම් අගතියට පත්වන එම පාර්ශ්ව සමග නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (25දා) පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මින් ඉදිරියට දේශීය සිසුන් සඳහා විවෘත නොකරන බව පැවසීම හාස්‍යයට කරුණත් බවත් මෙම ආණ්ඩුව බලයට පත්වී මාස හයකට අධික කාලයක් ගතවුවත් මේ දක්වා නිශ්චිත අධ්‍යාපන හෝ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අසමත්වීම ඉන් පැහැදිලි වන බවත් ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමෙන් වසරකට ඩොලර් බිලියනයකට අධික විදේශ සංචිත රටට අහිමිවන බවත් ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත දන්නේ නැති බවත් ඒ මහතා කීය.

ලෝකයේ දියුණු රටවල ජනගහනයෙන් දහසකට වෛද්‍යවරුන් පස්දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් එය ශ්‍රී ලංකාවේ දහසකට වෛද්‍යවරුන් එකයි දශම හයක් (1.6) බවත් පැවසූ ඒ මහතා, සෑම වසරකම නිසි සුදුසුකම් සම්පූර්ණ කරන උසස් පෙළ සමතුන් අටසියයකට ආසන්න පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීම සඳහා රට හැර යන බවත් මින් එක් සිසුවකු සඳහා දෙමාපියන් වසරකට රුපියල් මිලියන දහයකට ආසන්න මුදල් වියදම් කරන බවත් ඉන් මෙරට සංචිතවලට රුපියල් මිලියන අටදහසක් අහිමිවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දේශීය සිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි පාඨමාලා රැසක් පවතින බවත් වෛද්‍ය පීඨයට පමණක් දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීම එම සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවටත් ඒ මහතා චෝදනා කළේය.

චමින්ද සිල්වා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

කේබල් එකෙන් බෙල්ල හිරකර සම්පත් මරා රත්‍රං බඩුයි සල්ලියි කොල්ල කෑවා

ප්‍රධාන පුවත්

විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

ප්‍රධාන පුවත්

මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පොලිස් ලොක්කෝ 9ක්, ඕ.අයි.සී.ලා 5ක් වහාම මාරු

ප්‍රධාන පුවත්

පරීක්ෂා කිරීමට බලධාරීන් සටහන් තබා තිබෙද්දී තමයි බහාලු‍ම් නිදහස් කර තිබෙන්නේ

ප්‍රධාන පුවත්

කෝටි 103ක වැට් බදු ගෙවීම පැහැර හැරියැයි මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන් 2කට නඩු පවරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok