Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නවීන උපකරණ වලටත් වඩා සෞඛ්‍ය අංශයේ මානව සම්පත වැදගත්..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නවීන උපකරණ වලටත් වඩා සෞඛ්‍ය අංශයේ මානව සම්පත වැදගත්..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

නවීන උපකරණ වලටත් වඩා සෞඛ්‍ය අංශයේ මානව සම්පත වැදගත්..

1 week ago
70 Views

සෞඛ්‍ය වෘත්තිකයන් විදේශවලට යැවීම පිළිබඳවත් සාකච්ඡා කරනවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බැවින් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන්ම ජාත්‍යන්තරයට වෘත්තිකයන් ගෙන යෑමේ වගකීමද ශ්‍රී ලංකා රජය සතුවන බැවින්, රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයන් රටතුළ බිහිකර ගන්නා අතරම විදේශයන් සඳහා ද, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් යැවීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළකරනු ලැබූයේ, පෙරේදා (28 දා) පෙරවරුවේ පරිපූරක අතුරු වෛද්‍ය සේවයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සඳහා උපාධිධාරීන් 85 දෙනෙක් බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී විකිරණ ශිල්පී තනතුර සඳහා 74 දෙනෙක් සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සඳහා 11 දෙනකු ලෙස 85 දෙනකු බඳවා ගන්නා ලද අතර ඔවුන් හට මාස හයක පුහුණු පාඨමාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ලබාදීමට නියමිතය. මෙම බඳවා ගැනීම් තුළ විශේෂත්වය වනුයේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පී තනතුර සඳහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීමය.

මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළෙඳ ආදී සෑම ක්ෂේත්‍රයකම පවතින සම්බන්ධතාව මෙතෙක් නිසි අයුරින් සිදු නොවීම හේතුවෙන් වර්තමානය වන විට විවිධ

ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීම අභියෝගයක් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ගැටලු නිරාකරණය කර ගනිමින් ඉදිරියට යෑමට අවශ්‍ය සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවද පැවසීය.

ශ්‍රවණවේදය සහ විකිරණ තාක්ෂණය යන ක්ෂේත්‍ර වේගයෙන් දියුණු වන අංශ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගෙවුණු දසවසරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඉතා නවීන උපකරණ මිල දී ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ කෙසේ වුව ද උපකරණ වලට වඩා සෞඛ්‍ය අංශයේ මානව සම්පත ඊටත් වඩා වැදගත් වන බව තමා පෞද්ගලිකවම විශ්වාස කරන්නේ යැයිද ඇමතිවරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මමත්, සෞඛ්‍ය වෘත්තිකයන් හැටියට ඔබත්, අපි සියල්ලන් එකට එක් වී එක හීනයක් දකිමු යැයි පැවසූ අමාත්‍යවරයා ඒ අනිකක් නොව මෙරට සෑම පුරවැසියෙකුටම, පුරවැසියා මහන්සි නොවි පුරවැසියා වෙනුවෙන් ඔහුට ඇවැසි සේවය ලබාදෙන හොඳම සෞඛ්‍ය සේවයක් මෙරට තුළ ස්ථාපිත කිරීම යැයි ද පැවසීය. එවිට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදෙන රටක් ලෙස අපට සන්නාමකරණ වීමට හැකියාව ලැබීම අපේ ජයග්‍රහණයක් බවත් ඒ සඳහා අප ඇප කැප වී වැඩ කරමු යැයිද ඇමැතිවරයා සියල්ලන්ටම ආරාධනාවක් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok