කලින් දැනුවත් නොකිරීම ගැන විපක්‍ෂය අසතුටින්
සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට ඊයේ (23දා) පෙරවරුවේ දැනුම් දුන්නේය.
පසුගිය 20 දා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බව කථානායකවරයා කියා සිටියේය. පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම් කර ඇත.
කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ය.
කෙසේ වෙතත් කථානායකවරයාගේ මෙම පියවර සම්බන්ධයෙන් විපක්ෂය කලින් දැනුවත්ව නොසිටි බවත් මෙවැනි කමිටු පත් කිරීමට පෙර විපක්ෂ නායක කාර්යාලය දැනුවත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන