කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවිය.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබුණි.
1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහුල දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.
ඒ අනුව ඔහු අගමැතිවරුන් 7 දෙනෙකු හා ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ සේවය කර ඇත.