රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර ගෙනදීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
රක්ෂිත බන්ධනාගාරගත කළ රැඳවූවකුට පිටතින් ආහාර ගෙන ඒමට ඉල්ලීමක් කළ යුත්තේ එම රැඳවූවාගේ පවුලේ සාමාජිකයකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ චන්ද්‍රසේන මහතාගේ හිටපු ලේකම්වරයකු විසිනි. එබැවින් එම ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.