Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කතානායකට එරෙහි චෝදනා ගැන නිවේදනයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කතානායකට එරෙහි චෝදනා ගැන නිවේදනයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

කතානායකට එරෙහි චෝදනා ගැන නිවේදනයක්

July 6, 2025
309 Views

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ , මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පසු ගිය දිනවල මතුවූ ගැටලුකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමිනි .

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් ‘නව ජනතා පෙරමුණ’ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය සිකුරාදා (04) පැමිණිල්ලක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වාර්තා ද පලකරනු ලැබ තිබිණි .

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය , අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ එම මාධ්‍ය වාර්තා වලට ප්‍රතිචාර දක්වමිනි .

එම නිවේදනය මෙසේය

පාර්ලිමේන්තුව විසින් කථා නායකවරයා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වන විවිධ ප්‍රවෘත්ති වාර්තා පිළිබඳ මාධ්‍ය නිවේදනය

පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවලි පළවන විවිධ ප්‍රවෘත්තසම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පහත දැක්වෙන කරුණු අවධාරණය කර සිටියි.

එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කථා නායකවරයාගේම යෝජනාවකට අනුව කථා නායකවරයා වෙත ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලදී.

ඒ අනුව වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්‌යාලය දන්වා සිටියි.

තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස් / සී එඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථා නායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථා නායකවරයාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධි විධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමි වේ.

තවද, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන්ද ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

කථානායකවරයා විසින් සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබයි.

එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචි වී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිට ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාර ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

එම්. ජයලත් පෙරේරා,
අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන),
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

xcvsdfdDownload

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025
Related News
විගස පුවත්

එස්.එම්. චන්ද්‍රසේනට පිටතින් ආහාර බෑ

විගස පුවත්

බංග්ලාදේශයට එරෙහි විස්ස සංචිතය මෙන්න

විගස පුවත්

මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09 දක්වා ඇතුළට

විගස පුවත්

සීතාවක රහස් ඡන්දය නවතන්නැයි ඉල්ලූ පෙත්සම අනිද්දා කැඳවයි

විගස පුවත්

මැතිවරණ කොමිසම සේවාවන් අත්හිටුවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok