Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!

July 7, 2025
210 Views

පාර ඇරියොත් වගකීම අපට ගන්න බෑ – වාරිමාර්ග නිලධාරියෙක් කියයි

සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් අනුරාධපුර නුවර වැවේ සංචාරයක නිරතව සිටියදී එම පිරිස යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා තිබීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවට පත්වූහ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණෙන් රජය විසින් ගෙන යන දැනුවත් කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් චමින්ද රණසිංහ මහතා ඇතුළු පිරිසක් ඉකුත් 3 දා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස නුවර වැවේ නිරීක්ෂණයට එක්වූහ.

එහිදී කලක සිට නුවර වැව් බැම්ම හරහා යෑමට ඇති මාර්ගය දෙපැත්තෙන් ගේට්ටු දෙකක් දමා වසා ඇති ආකාරය එම පිරිස නිරීක්ෂණය කළහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැව් බැම්මේ එක් ගේට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැවේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර නැවත පිටතට යෑමට සූදානම් වූ අවස්ථාවේදී එම ගේට්ටු ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවට ලක් වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති සංචාරක වැඩසටහනකදී අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය ඇමැතිවරයා,

‘හරි පුදුම අත්දැකීමක් තමයි ගේට්ටුව වහපු එක උදේ. සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන්න නම් අපි දන්නවා පළවෙනිම කාරණාව තමයි ‘ඇක්සස්‘ කියන එක. නුවර වැවේදී සිදු වුණේ ඒක තමයි. ඒක නැතුව මොනවත් කරන්න බැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ වසා දැමුණු ගේට්ටුව අපිට විවෘත කරන්න සිද්ධ වෙනවා.

මාලදිවයිනේ ඩොලර් 500ට විකුණනවා මුහුද පැත්තට හදපු කාමරයක්. අපේ එහෙම හදන්න බෑ යල්පැනගිය පනත් නිසා. සංචාරක පනත අපි අලුත් කරනවා.

අපි දන්නවා තිස්සමහාරාම වැව කියන්නේ ඉතාමත් සුන්දර දර්ශනීය ස්ථානයක්. ඒ වැවේ බෝට්ටු පදිනවා. සංචාරකයින් එහි සතුට අත්විඳිනවා, සංචාරකයෝ ඇවිද ගෙන යනවා. ඉතින් ඒ වගේ අනුරාධපුර නුවර වැවයි තිස්සමහාරාම වැවත් අතර ලොකු වෙනසක් තියෙන්න බැහැ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා.

‘ඇත්තටම සමහර තැන්වලදී අපිට හරිම කණගාටුයි. හිතලා බලන්න නුවර වැව වෑකන්දට ගිහිල්ලා එහා කොනේ නැවැත්තුවාම අපිට හිතුණා අපි හිරකාරයෝ ද මේ රටේ ඉන්න කියලා. අපි ජනතාව නියෝජනය කරන දේශපාලඥයෝ, අපි වෑකන්ද නිරීක්ෂණ චාරිකාවකින් පස්සේ ආපහු එන්න හදනකොට ආපු ගේට්ටුව ඉබි යතුරු දාලා වහලා. එන්න විදිහක් නැතුව සෑහෙන වෙලාවක් අපි එතන හිටියා.

නුවර වැවේ වෑ කන්ද දෙපස පොලිතින් බෑග් පිරිලා. ගමනා ගමනයට ආරම්භ කළා නම්, මිනිස්සු නිතර ගැවසෙනව නම්, එවැනි තත්ත්වයක් ඇති වන්නේ නෑ. දැන් ඒක ඇතුලේ සාමාන්‍ය මනුස්සයෙකුට ගමන් කරන්න බෑ. ගංජා කාරයෝ, කුඩුකාරයෝ ඉන්නවා. සියල්ල කැලේ වැදිලා.

පොසොන් දවසේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා පූජා නගරයට එනකොට ටැප්ලයින් එකක් කැඩිලා වතුර ගලනවා. එතකොට පුරාවිද්‍යා නිලධාරීන් ගෙන්නලා මේක අලුත්වැඩියා කර ගන්න සාකච්ඡා කරනකොට එයාලා පනතක් ඉස්සරහට දාලා, මේ ජල නලයෙන් ගලන වතුර නවත්වන්න මේ මිනිස්සු බෑ කියනවා. මේ යල්පැන ගිය පනත් වෙනස් කරන්න වෙනවා. මේකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ.

මේ අතර පාර අරින එක ගැන අනුරාධපුර වාරිමාර්ග ඉහළ නිලධාරියකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ එම පාර විවෘත කළහොත් වැව් බැම්මට විය හැකි අනතුර ගැන තමන්ට හෝ තම නිලධාරීන්ට වගකීමට නොහැකි බවයි.

මිහින්තලේ – රංග චතූ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

හදවත රිදුණත් මගීන් ගැන සිතූ යාපන ලංගම බස් රියැදුරුට සැවොම තුති පුදති

ප්‍රාදේශීය පුවත්

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

ප්‍රාදේශීය පුවත්

ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්

ප්‍රාදේශීය පුවත්

මීමුරේට නැවත දන්වන තුරු එන්න එපා

ප්‍රාදේශීය පුවත්

කෝටි එකහාමාරක විස්කි සහ කරදමුංගු ගෙනා හතරක් රේගු දැලේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok