මේ වනවිට අසාධ්‍ය තත්වයේ පසුවන භාතිය ඇතා ට ප්‍රතිකාර කිරිම සදහා, අද උදෑසන පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය දංගොල්ල මහතා, ඇතුළු පශුවෛද්‍ය නිළධාරීන් මෙම ස්ථානයට පැමිණ ඇතාව නිරීක්ෂණය කළේය .
ශ්‍රි දළදා මාළිගාවේ ඇත් පන්තිය භාර වෛද්‍ය තරිඳු විජේකෝන් ඇතුළු කණ්ඩායම ද , යුධ හමුදාවේ අවට හමුදා කඳවුරු වල හමුදා නිලධාරින් ඇතුළු පිරිස ද ඒ මොහොතේ ඒ අවස්ථාවට දායක විය .
ඇතා සිටින වලේ ජලය අඩු කිරීම ද සිඳු කෙරුණු අතර , ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ .යුධ හමුදාවේ සියලු නිලතල දරන පිරිස ඊට නොමද සහායක් දක්වති .


