මෙරට වයස අවුරුදු 18ට වැඩි තනි පුද්ගලයින් එක්කෝටි හැටපන්දහස් හයසිය අසූදෙනකු මෙම වර්ෂයේ මැයි මස 09 වැනිදා වන විට ටින් අංක ලබාගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බැව් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව දල වශයෙන් මිලියන 17කි. 2024 වර්ෂයේ දෙසැම්බර් මස 10 වැනිදා සිට 2025 වර්ෂයේ මැයි මස 09 වැනිදා දක්වා කාලයේ දී ටින් අංක ලබා ගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව තිස්එක්ලක්ෂ හැත්තෑනවදහස් තුන්සිය හැත්තෑ දෙකකින් පමණ වර්ධනය වී ඇති බව ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම කාලසීමාවේ දී ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ 93,338කින් පමණ වේ.
ලලිත් චාමින්ද