Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැඩ ලෝකයට අවැසි මානව සම්පත දෙන වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂය ක්ෂේත්‍රයයි – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැඩ ලෝකයට අවැසි මානව සම්පත දෙන වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂය ක්ෂේත්‍රයයි – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වැඩ ලෝකයට අවැසි මානව සම්පත දෙන වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂය ක්ෂේත්‍රයයි – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

July 5, 2025
53 Views

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනයට විශේෂ තැනක් දෙනවා

වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විධිමත් ආකර්ෂණීය ආයතන පද්ධතියක් ගොඩනැඟීම වෙනුවෙන් දිවයින පුරා වෘත්තීය අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කර ගනිමින් Clean Sri Lanka ව්‍යාපෘතිය හා එක්ව ඊයේ (04 දා) ආරම්භ කළ ”ශ්‍රම මෙහෙයුම” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගම්පහ කාර්මික විද්‍යාලයේදී අගමැතිවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

වෘත්තීය අධ්‍යාපනය කේන්ද්‍ර කරගෙන නියෝජ්‍ය ඇමැති නලීන් හේවගේ මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රම මෙහෙයුම වැඩසටහන ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කීරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.

ශ්‍රම මෙහෙයුම වැඩසටහන තුළින් ආරම්භයක් ලබාගත්තට අපි මේ උත්සාහ කරන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි අවධානය ලබා ගන්නයි. වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන රටටම පෙන්නුම් කරන්නයි. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි ඉදිරියේ මේ රටේ තීරණාත්මක විෂය බවට පත්වෙන්නේ. වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිවෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. හැබැයි අපි බොහෝ දෙනෙක් සහ රටත් බොහෝ වෙලාවට හිතන්නැති අවධානයක් දෙන්නේ නැති කොටස තමයි ඒ වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිකරන වෘත්තීය අධ්‍යාපන අංශය.

අපි දන්නවා දැනට සමාජය තුළ ටෙක් එක ගැන තියෙන්නේ අර ඉස්කෝලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත් යන්න පුළුවන් තැනක් කියන මතය. එහෙම නැත්නම් අනිත් තෝරා ගැනීම් ඔක්කොම කරලා ඒවා හරි ගියේ නැත්නම් නිකන් වැටෙන තැන වගේ අදහසක්. ඒක හරිම වැරදියි. වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීම අතිශයින්ම වැදගත් බුද්ධිමත් සහ රටේ සංවර්ධනයට අතිශයින්ම වැදගත් තීරණයක්.

වෘත්තීය අධ්‍යාපනය හදාරන්න ගන්න තීරණය අහම්බයක් වෙන්න බෑ, නොදැනුවත්කමින් හෝ අන්තිම මොහොතේ ගන්න තීරණයක් වෙන්නත් බෑ. ඒක තමන්ගේ හැකියාව, තමන්ගේ කැමැත්ත තමා ලෝකය පිළිබඳව දරන අදහස් මේ සංකල්ප සියල්ලමත් එක්ක ගන්න ඉතාමත්ම වැදගත් තීරණයක් බවට පත්වෙන්න ඕනේ.

ඒ නිසාම තමයි අපි 2026 තුළ ක්‍රියාත්මක කරන්න නියමිත ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනයට විශේෂ තැනක් වෙන් කළේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පොඩි වැඩක් නොවෙයි. ඒක විෂය මාලාව වෙනස් කරන එකට එහා ගිය දැවැන්ත වැඩක්.

පාසල් අධ්‍යාපනය තුළින්ම වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න අපි සැලසුම් කරගෙන ඉන්නේ. ඒ තුළින් රජය බලාපොරොත්තු වන පුනරුද යුගයක අවශ්‍ය මානව සම්පත බිහිකරන්න ඒ මානව සම්පත දියුණු කරන්න අපි කටයුතු කරනවා.

ඒ අනුව මේ රටේ වෘත්තීය ආධ්‍යාපනය ඉහළ තලයක ස්ථානගත කිරීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන ඇමැති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ගම්පහ නගරාධිපතිතුමන්, දිස්ත්‍රික් ලේකම්තුමන්, ගම්පහ කාර්මික විද්‍යාලයේ විදුහල්පති පී. එම්. කේ. ගෝමස් යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගම්පහ – සුසිල් රණමුක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
ප්‍රධාන පුවත්

නිදහස් කළ බහාලුම් තැන් තුනකට

ප්‍රධාන පුවත්

යං යං ඇතුළට යං…

ප්‍රධාන පුවත්

බොරතෙල් අඩුවුණත් සහනයක් නැහැ

ප්‍රධාන පුවත්

පළාත් හතරක ඩෙංගු වසංගත තත්ත්වයක්

ප්‍රධාන පුවත්

කෝටි 1 ½ක් ටින් අංකය අරන්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok