රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, සමාජය සවිබල ගැන්වීමේ බහුවිධ ප්‍රවේශයක් සහිත වැඩසටහනක් ලෙස ප්‍රජාශක්ති ජාතික වැඩසටහන අද (04දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යෑම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
මේ වන විට මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනකුගෙන් එක් අයකු බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙන අතර මෙම පිරිසෙන් සියයට 95.3 ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙති. මෙම තත්ත්වය අඛණ්ඩව ඉදිරියටත් පැවතීම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට බලපායි. ඒ අනුව සමාජය සවිබල ගැන්වීම සහ අවදානම් සහගත කණ්ඩායම් තෝරාගෙන විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කිරීම මේ යටතේ සිදුවේ.
විවිධ රජයන් යටතේ මෙරට අඛණ්ඩව ක්‍රියාත්මක වූ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් වැඩසටහන් වූ අතර, ඒ වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධතා ප්‍රවේශයක් ඔස්සේ ‘ප්‍රජාශක්ති’ වැඩසටහන ක්‍රියාවට නැංවීම විශේෂත්වයකි.
ජාතික මට්ටමේදී ප්‍රජාශක්ති ජාතික ප්‍රතිපත්ති සභාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කර ඇති අතර, අමාත්‍යවරු 09 දෙනෙක් එහි සාමාජිකත්වය දරති. මෙම වැඩසටහන නව ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රතිපත්ති සභාවේ අරමුණ වන අතර එහි කැඳවුම්කරු ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා කටයුතු කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත