ලිවර්පුල් පාපන්දු කණ්ඩායමේ 28 හැවිරිදි ඩියෝගෝ ජොටා ද සිල්වා ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේදී මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.
එම අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබේ. ඔවුන් ගමන් ගත් ලැම්බෝගිනි මෝටර් රථය තවත් රථයක් පසුකර යෑමේදී ටයරයක් පුපුරා යෑමෙන් ඉවතට විසි වී රථය ගිනි ගෙන තිබේ.
ඩියෝ විවාහය ගිවිසගෙන සිටි රූට් කාර්ඩෝසෝ සමග පසුගිය 22 වැනිදා විවාහ වී තිබේ. එම නිල විවාහ උත්සවය අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර තිබූ අතර ඩියෝගෝ පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පුල් කණ්ඩායමට දිනාදීමට බොහෝ දේ කර තිබුණි.
ඩියෝගෝ ජාත්‍යන්තර තරග 50කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති විශිෂ්ට ක්‍රීඩකයෙකි.