Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්

July 3, 2025
248 Views

කඩාවැටුණු ඉනිමට නායකත්ව ශතකයක්
ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය


බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැති පළමු එක්දින තරගය ලකුණු 77කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු එකින් එක දැවී යද්දී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම වැටීමට ගිය අගාධයෙන් බේරා ගන්නට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 49 පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබාගැනීමට සමත් විය. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංකට ඊයේ හැකියාව ලැබුණි.

එම තරගය ආරම්භ වූයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. දිවා රාත්‍රි තරගයක් ලෙස ඇරඹූ තරගයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකට හැකියාව ලැබිණි.

මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත් 217 වැනි ක්‍රීඩකයා වෙයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන පර්වේස් හොසනේ එමෝන් සහ වමතින් දඟ පන්දු යවන තන්වීර් ඉස්ලාම් එක්දින වරම් දිනා ගනිමින් තරගයට ප්‍රවේශ වී සිටිති.

මිලාන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර ටෙස්ට් තරග 5කට ක්‍රීඩාකර තිබේ. ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනුවත් එම වාසිය ලබාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැත. ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් ගෙනදෙමින් පැතුම් නිශ්ශංක ලකුණු නොලබාම දැවී

ගියේ ටත්සිම් හසන්ගේ පන්දුවකටය. නිශාන් මධුෂ්කටත් දස්කම් අතරට ඒමට නොහැකි වූ අතර ලකුණු 4ක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම අගාධයට දමමිනි.

කමිඳු මෙන්ඩිස්ටත් මුහුණ දීමට හැකි වුණේ පන්දු 4කට පමණි.

ටස්කින් අහමඩ්ගේ පන්දුවකට කමිඳු දැවී ගියේය. කුසල් මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක එක්ව කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනඟන්නට ශක්තිමත් අත්තිවාරමක් දමාගන්නට සැරසෙද්දී, කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 45ක් ලබා සිටියදීය. ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 89ක් ලෙසයි.

ඉන්පසු නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක තම එක්දින ක්‍රීඩා දිවියේ 5 වැනි ශතකය ලබාගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙමිනි. චරිත් අසලංක පන්දු 123කට මුහුණ දෙමින් අගනා ලකුණු 106ක් ලබාගත්තේය. චරිත්ගේ ලකුණු අතරට හයේ පහරවල් හතරක් සහ හතරේ පහරවල් 6ක් ඇතුළත් විය.

කුසල් දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ජනිත් ලියනගේ ලකුණු 29කට දැවී යද්දී මංගල එක්දින වරම් ලැබූ මිලාන් රත්නායකට ලබාගත හැකි වූයේ ලකුණු 22ක් පමණි. වනිඳු හසරංග ලකුණු 22ක් ලබාගත්තේ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේය. කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීය.

සුසිල් ජයකොඩි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරග 6ක් !

ක්‍රී​ඩා

අවසන් වටයේ තරග 19දා ඇරඹේ

ක්‍රී​ඩා

සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා යොහාන් පීරිස්

ක්‍රී​ඩා

බොක්සිං ශූරතා තරගාවලිය අද

ක්‍රී​ඩා

සටන් කළා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම තැන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok