Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි

July 4, 2025
68 Views

2025 පාසල් රග්බි වයස අවුරුදු 19න් පහළ ලීග් තරගාවලියේ අතිශය උණුසුම් සති හතරක් අවසන, ශාන්ත තෝමස්, ඉසිපතන, වෙස්ලි, රාජකීය සහ ත්‍රිත්ව යන විදුහල් පළමු වටයේ අපරාජිතව සිටියදී තරගාවලිය එහි තීරණාත්මක අවසන් සතියට එළැඹ තිබේ. ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් මෙම තරගාවලියට අනුග්‍රහය පිරිනමනු ලබයි.

පළමු කාණ්ඩයේ ‘ඒ’ කොටස – වෙස්ලි පෙරමුණ රඳවාගනියි

ඉකුත් සතියේදී, ගියවර ශූරයන් වූ ශාන්ත පීතර කණ්ඩායම ලකුණු 23-5ක පරාජයක් වෙත ඇද දමමින් පළමු කාණ්ඩයේ ‘ඒ’ කොටසේදී තවදුරටත් පෙරමුණේ රැඳී සිටීමට සමත්විය. තරගාවලියේ තමන් මුහුණදුන් තරග 4දී ජයග්‍රහණ 4ක් ලෙසින් කාණ්ඩයේ අවිවාදිත ශූරයන් බවට පත්ව සිටින වෙස්ලි විද්‍යාලය මේ වන විට තරගාවලි ලකුණු 23කට හිමිකම් කියයි. තමන් විසින් අදාළ තරගවලදී ලකුණු 139ක් රැස් කරන අතරවාරයේ ප්‍රතිවාදීන් හට ලකුණු 33ක් පමණක් පිරිනමමින් ධන ලකුණු 106ක වෙනසක් රඳවාගැනීමට වෙස්ලි කණ්ඩායමට හැකිව තිබේ.

ඉකුත්වර ශූරයන් වන ශාන්ත පීතර කණ්ඩායම ජයග්‍රහණ තුනක් සහ එක් පරාජයක් සමගින් තරගාවලි ලකුණු 18ක් සමග එම කාණ්ඩයේ දෙවැනි තැන පසුවේ. යම් පසුබෑමක් මධ්‍යයේ වුව, ඔවුන් තරග ලකුණු 96ක් ලබද්දී ප්‍රතිවාදීනට ඔවුන් ඉදිරියේ ලබාගත හැකිව ඇත්තේ ලකුණු 76කි. තරග තුනක ජයග්‍රහණ සහ එක් පරාජයක් සමග තරගාවලි ලකුණු 17ක් ලබා සිටින ඩී.එස් සේනානායක විද්‍යාලය තරගාවලි ලකුණු 17ක් සමග තෙවැනි ස්ථානයේ පසුවන අතර මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා වර්ධනයක් පෙන්නුම් කර සිටින ඩී.එස් කණ්ඩායම සිය ප්‍රතිවාදීන් ඔවුන් වෙතින් තරග ලකුණු 95 ක් රැස්කරද්දී තමන් විසින් ලකුණු 94 ක් රැස්කරගනු ලැබ ඇත. ඒ අනුව ශාන්ත පීතර කණ්ඩායමට මීළඟ වටයට සුදුසුකම් ලැබීමට නම් ඩී.එස් සමග තරගය ජය ගත යුතුම තත්ත්වයක් උදාවී ඇත්තේ කණ්ඩායම් දෙක අතර තරගාවලි ලකුණු පරතරය එකක් පමණක් වීම නිසාය.

ජයග්‍රහණ දෙකක් සහ පරාජයන් දෙකක් සමග ආනන්ද විද්‍යාලය ලකුණු 12ක් සමගින් සිව්වැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් සිය තරගවලදී තරග ලකුණු 102ක් ලබාගනිද්දී සිය ප්‍රතිවාදීහු තරග ලකුණු 113ක් ලබා සිටිති.

මෙතෙක් ජයග්‍රහණ රහිතව සිටින විද්‍යා විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය ජයග්‍රහණ රහිතව එම කාණ්ඩයේ පහළින්ම පසුවේ.

දෙවැනි කාණ්ඩය ‘ඒ’ කොටස – ශාන්ත තෝමස් සහ ඉසිපතන පෙරමුණේ අදාළ කණ්ඩයේදී ශාන්ත තෝමස් මෙන්ම ඉසිපතන විදුහලද තරග 4කදී අපරාජිතව තරගාවලි ලකුණු 24 බැගින් ලබමින් කරට කර පෙරමුණේ රැඳී සිටියි.

තරග ලකුණු අතින් තරමක් ඉදිරියෙන් සිටින ශාන්ත තෝමස් කණ්ඩායම තමන් තරග ලකුණු 170ක් ලබාගන්නා අතරවාරයේ ඉසිපතන විදුහල තරග ලකුණු 136ක් ලබා සිටින අතර එම කණ්ඩායම දෙක විසින්ම ප්‍රතිවාදීන් හට ලබාදී ඇත්තේ තරග ලකුණු 87 බැගිනි.

20 බැගින් වන ඔවුන්ගේ මෙතෙක් උත්සාහක දිනුම් මගින් එම කණ්ඩායම් දෙකෙහි ප්‍රහාරක හැකියාව පෙන්නුම් කරන අතර ඔවුනගේ තරමක් ශත්තිමත් ආරක්ෂක හැකියාව මතින් සිය සමීප ප්‍රතිවාදීන්ට වඩා තරමක් ඉදිරියෙන් සිටීමට ඔවුනට අවස්ථාව ලැබී තිබෙ.

එම කාණ්ඩයේ තෙවැනි තැන පසුවන කිංගස්වුඩ් විදුහල ජයග්‍රහණ 2ක් සහ පරාජයන් 2ක් සමගින් ලකුණු 14ක් ලබා සිටින අතර තරගාවලි ලකුණු 7ක් හිමි සහිරා විද්‍යාලය සහ තරගාවලි ලකුණු 6ක් ලබා සිටින මහානාම විදුහල අතර සිව්වැනි තැන වෙනුවෙන් සටනක් නිර්මාණය වී ඇත.

ජයග්‍රහණ වාර්තා කිරීමට අසමත්ව සිටින ධර්මරාජ විද්‍යාලය ලකුණු රහිතව එම කාණ්ඩයේ පහළින්ම සිටියි.

තුන්වැනි කාණ්ඩයේ ‘ඒ’ කොටස – රාජකීය සහ ත්‍රිත්ව විදුහල් මහ සටනකට සූදානමින් තරගාවලියේ තරග ලකුණු ලබාගැනීම අතින් ඉහළින්ම රැඳීමට සමත්ව සිටින ත්‍රිත්ව විද්‍යාලය, තරගාවලි ලකුණු 24 ක් සමගින් අදාළ කාණ්ඩයේ ඉහළින්ම සිටින අතර තරග ලකුණු 200ක් වාර්තා කර ඇති ඔවුන් ධන ලකුණු 145ක වෙනසක් රඳවාගැනීමට සමත්ව තිබේ.

රාජකීය විදුහලද තරගාවලි ලකුණු 24ක් සහිතව සිටින නමුත්, තරගාවලි ලකුණු අතින් සාපේක්ෂව සුළු වෙනසකින් පසුපසින් සිටියි. ඔවුහු මෙතෙක් තරගාවලි ලකුණු 189ක් ලබාගනිද්දී ධන ලකුණු 150ක පරතරයක්ද හිමිකරගෙන සිටිති. නමුත් ප්‍රතිවාදීන් වෙත ලකුණු පිරිනැමීම අතින් රාජකීය විදුහලේ ආරක්ෂක හැකියාව ඉදිරියෙන් පවතින අතර ඔවුන් හමුවේ ප්‍රතිවාදීන්ට ලබාගත හැකිව ඇති ලකුණු සංඛ්‍යාව 39ක් පමණක් වද්දී ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ප්‍රතිවාදීන් තරග ලකුණු 55ක් ඩැහැගෙන ඇත.

ජයග්‍රහණ 2ක් සහ පරාජයන් 2ක් සමගින් ශ්‍රී සුමංගල විදුහල එම කාණ්ඩයේ තෙවැනි තැන පසුවන්නේ ලකුණු 12ක් සමගිනි.

ජයග්‍රහණ 1ක්, ජය පැරදුමෙන් තොර තරග 1ක් සහ පරාජයන් 2ක් සමග ලකුණු 10ක් ලබා සිටින ශාන්ත ජෝසප් විද්‍යාලය සිව්වැනි ස්ථානයේ පසුවද්දී තරගාවලි ලකුණු 4ක් පමණක් ලබා සිටින විද්‍යාර්ථ විද්‍යාලය සහ මෙතෙක් තරගාවලි ලකුණු දිනාගැනීමට අසමත්ව සිටින තර්ස්ටන් විද්‍යාලය කාණ්ඩයේ පහළින්ම පසුවේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ක්‍රී​ඩා

පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග

ක්‍රී​ඩා

ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ක්‍රී​ඩා

විශ්වවිද්‍යාල 16කට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ

ක්‍රී​ඩා

ලිවර්පුල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ අනතුරකින් මරුට

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok