ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය තවදුරටත් අනුමත නොවූ ගෙවීම් ක්‍රමයක් තුළ බාහිර උපාධි කටයුතු හා සම්බන්ධවීමට කිසිදු අදහසක් හෝ කැමැත්තක් නොමැති බව එම සරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු පිරිසක් ඊයේ (01දා) ‘දිවයින’ට පැවසූහ.
මේ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අදාළ දේශන සඳහා ගෙවීම් කළ යුතු ආකාරය පිළිබඳ අනුමැතියක් ඉතා ඉක්මනින් ලබාදිය යුතු බව ද ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් 2023.05.30 දිනැතිව එවකට වැඩබලන උපකුලපති මහාචාර්ය එස්. එම්. සී. යූ. පී. සුබසිංහ මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වෙත ලිපියක් යවමින් අදාළ ගෙවීම් සිදුකළ යුතු ආකාරය ගැන පැහැදිලි අනුමැතියක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද මේ වනතුරු එකී අනුමැතිය ලැබී නැති බවත් එම ආචාර්යවරු කියා සිටිති..
ශ්‍යාම් නුවන් ගනේවත්ත