ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ බලය පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන් අවභාවිතා කිරීම, රාජ්‍ය බලය අවභාවිතා කිරීම සහ ජනතාව රැවටීම යන කාරණා තුනම භාවිතා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී කාරියවසම් මහතා,
මේ රටේ පැවති කිසිම ආණ්ඩුවක් මෙතෙක් කාලයක් නොකරපු වැරදි දෙයක් තමයි මේ ආණ්ඩුව මේ සිදුකරන්න යන්නේ. ඒ වගේම පහුගිය කාලයේ රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වෙච්ච අවස්ථාවේ රන්ජන් රාමනායක මහත්මයා සතුව තිබිලා හඬපට වගයක් එළියට පැමිණියා. ඒ හඬපට වල ඉහළ පොලිස් නිලධාරියෙක් සමඟ සාකච්ඡාවක හඬපටයක් සමාජයට නිකුත් වුණා. මෙවැනි නිලධාරීන් මේ රටේ ඉහළ තනතුරුවලට නැවත ගෙන ආවාම රටේ නීතියට කුමක්ද වෙන්නේ? නීතිය ක්‍රියාත්මක කිරීමට කුමක්ද වෙන්නේ? නීතිය ගැන ජනතාවට තිබෙන විශ්වාසයට මොකක්ද වෙන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. මේ රටේ තමන්ට අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කරගන්න, නීතිය නවන්න, තමන්ගේ විරුද්ධවාදීන් වැරදි ආකාරයට අත්අඩංගුවට ගෙන සිරගත කරන්න, ඔවුන් කියන විදිහට වැඩකරන නිලධාරීන් ඉහළ පුටුවලට පත්කරගන්න මේ රජය ගෙනියන මහා අප්‍රසන්න වැඩපිළිවෙළ රටක සිදුනොවිය යුතු වැඩපිළිවෙළක්.
එරික් ගාමිණි ජිනප්‍රිය