Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි

July 2, 2025
216 Views

ධර්මය දේශනා කළ ධර්මයට සවන් දුන් රටකට අද අත්වී ඇති ඉරණම සියලු‍ දෙනා අවබෝධ කර ගත යුතුයි

මහනාහිමිවරුන්ගේ පොදු සම්මුතියකින් භික්ෂූන් වහන්සේලාගේ විනය කතිකාවත ඉදිරියට ගෙන යෑමට රජය සූදානම්

බලය හා ධනය හමුවේ සියලු‍ යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 30දා ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කරගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලු‍ දෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.

එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලු‍දෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යෑමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කරගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කර ගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ගොදුරු බවට පත් වූයේ එම දේශපාලකයින් නොව උතුරේත්, දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළේය. එබැවින්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලු‍දෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු‍දෙනා එකට ජිවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසිය.

එමෙන්ම ස්වාමීන් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරීමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යෑමට රජයට හැකි බවද සඳහන් කළේය. එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවත්, දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අනුශාසනාවක් සිදු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ශාසනයේ ඉතා සුළු පිරිසක් සිදු කරන අකටයුතුකම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවා දක්වමින් සමස්ත සංඝ සමාජයටම අපවාද එල්ල කිරීම, සැදැහැවත් ජනතාව මහා සංඝරත්නයෙන් දුරස් කිරීමට හේතු වී ඇති බවයි. මෙරට භික්ෂු සමාජය ආරක්ෂා කර ගනිමින් රටට අවශ්‍ය බහුශ්‍රැත හා විනයධර භික්ෂු පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් මෙවන් උපසම්පදා විනයකර්ම වැදගත් වන බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.

මෙවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සංඝ සභාවල සහ උපසම්පදා මහෝත්සව කමිටුවේ සංවිධානයෙන් කලාවැව, කලාකරඹෑව, ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් ජුනි 30 දින සිට ජූලි 08 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ලක්දිවෙහි පිහිටුවීමෙන් පසුව 1864 ජූලි මස ගාල්ලේ වැලිවත්ත විජයානන්ද පිරිවෙන කේන්ද්‍ර කර ගෙන මහමෝදර උදකුක්ඛේප සීමාවේදී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කර ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීමෙහි මූලික වූ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඥානසාමී සරණංකර මාහිමිපාණන් වහන්සේගේ සිට මේ දක්වා ඉතාමත් ඉහළින් ශාසනික පිළිවෙත් පරිදි සිදු කර තිබේ. ඒ අනුව මෙවරද චිරාගත සම්ප්‍රදායානුකූලව කලාවැව ගෝණනදී (කලා ඔය) උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේරයන් වහන්සේලා 400ක් පමණ අධීසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ “සසුන” උපසම්පදා කලාපය, “පටිපදා” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “උරුමයක අභිමානය” නම් ග්‍රන්ථයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. දෙස්, විදෙස් වශයෙන් උදාර ආගමික හා ශාසනික සේවාවක නිරත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ස්වාමීන් වහන්සේලා වෙත ගෞරව නාම ප්‍රදානය සහ විජිනිපත් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන, නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්පන්විල පාලිත, උපසම්පදා පුණ්‍ය මහෝත්සව කමිටුවේ ප්‍රධාන සංවිධායක උතුරු මැද පළාත් නායක පූජ්‍ය ඇලප්පන්කුලමේ වංශානන්ද, හන්තාන සඳගිරි සෑ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අමාත්‍යවරුන් වන හිනිදුම සුනිල් සෙනෙවි, විජිත හේරත්, වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ජිනදාස විමලසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය මහතාඇතුළු රාජ්‍ය නිලධාරිහුද , තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු දෙස්-විදෙස් ආරාධිතයෝ පිරිසක්ද, දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එස්.එම්. චන්ද්‍රෙස්න 18දා තෙක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

වෙළෙඳ ගිවිසුම් නැති රටවලටත් ට්‍රම්ප් තීරු බදු ප්‍රතිශත යවයි

ප්‍රධාන පුවත්

2026 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ආදර්ශ අයැදුම්පත

ප්‍රධාන පුවත්

කටුනේරියේ කෝටිපතියා ඝාතනය: එකට සිටි මිතුරන් විසින්ම මරාදමා සිරුර වළක සඟවලා

ප්‍රධාන පුවත්

මට මේ දේ වුණේ බිරිඳ කීව දේවල් අහපු නැති නිසයි – හිටපු ඇමැති මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok