සිය මාළු දැලේ පැටළී ටී 56 ගිණි අවියක් අසු වු බවට පුද්ගලයෙකු විසින් මහියංගණ පොලිසිය දැනුවත් කර ඇත.
ඉන්පසුව මහියංගණ පොලිසිය විසින් මාපාකඩවැවේ මසුන් ඇල්ලීම සඳහා ගිය පුද්ගලයෙකුට හමු වු බව කියන එම ගිණි අවිය අද (01) දින උදෑසන සිය භාරයට ගත් බව මහියංගණ පොලිසිය කියයි.
ගිණි අවිය මළකඩ කා සුළු වශයෙන් විනාශයට පත්ව වෙමින් තිබූ එම අවිය ටික කලකට පෙර වැවට දමන්නට ඇති බවට විශ්වාස කෙරේ. ගිණි අවියේ පතරොම් ගැබ හමුවී නොමැත.