රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු ඊයේ (31දා) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇත.
කුඩු ජාවරමක් පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක මතුව ඇති අතර ඝාතනයට ලක්වු තරුණයා කහවත්ත බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් අයෙකු බව පොලිසිය කියයි.
මෙම තරුණයා සමග සිටි තවත් තරුණයෙකු ජිප් රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර කිලෝමීටර් කිහිපයක් ගොස් එම වාහනයෙන් තරුණයින් දෙදෙනා බස්සවා දෙදෙනාටම වෙඩි තබා ඇති බවයි පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
වෙඩි වැදුණු අනෙක් තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.