යාපනයේ සිත්තුපාත්තු සමූහ මිනී වළේ දෙවැනි අදියරේ කැණීම්:
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සමූහ මිනී වළේ දෙවැනි අධියරේ සිවු වැනි දිනය දා කැණීම්වලදී පාසල් බෑගයකට සමාන නිල් පැහැති බෑගයක් සමග රෙදි කැබලි හමුවූ බව කැණීම් භාර නිලධාරීහු සඳහන් කරති.

ඒ අනුව එම ප්‍රදේශයේ සිදු කළ කැණීම්වලදී මේ දක්වා මිනිස් සිරුරු 33 ට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇති අතර ඉන් 22 ක් මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කරගෙන තිබේ.
මෙම ස්ථානයේ තිබී කුඩා ළමයකුගේ බවට සැක අස්ථි කොටස් ද හමුව ඇති අතර කැණීම් කටයතු තවදුරටත් ක්‍රියාත්මකව පවතී. මේ වන විට මෙහි දෙවැනි අධියරේ කැණීම් කටයතු සිදු කරමින් පවති. දෙවැනි අධියරේ කැණීම් කටයුතු මෙසේ ආරම්භ කරන ලද්දේ ඉකුත් 26 දායි.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්