රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනයේ අරාලී ප්‍රදේශයේ කෝවිලකට ගිය රෝගියකු කෝවිලෙන් ලබා දුන් දියර වර්ගයක් පානය කිරීමෙන් පසුව 29 දා කෝවිල තුළ ම මිය ගොස් තිබේ. මියගිය පුද්ගලයා අරාලි බටහිර, වඩුකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
මේ පුද්ගලයා කාලයක සිට අසනීප තත්ත්වයකින් පෙළෙන අතර වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබ සිටියදී හිතවත් අයකු ඔහු මහා බලගතු සම්පන්න බවක් ඇති බව කියන යාපනයේ අරාලි පළාතේ පිහිටි කෝවිලක් වෙත රැගෙන යාමට යෝජනා කර තිබේ.
ඒ අනුව ඔහු කෝවිලට රැගෙන යාමෙන් පසුව කෝවිලේ පූසාරීවරයා දියර වර්ගයක් පානය කිරීමට ලබා දී ඇත. එම දියරය පානය කර විනාඩි කීපයකින් ඔහු සිහිසුන්ව කෝවිලේ ම අදවැටී ඇති අතර ඥාතීන් පිරිසක් වහාම ගිලන් රථයක් කැඳවා ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. නමුත් ගිලන් රථයේ පැමිණි පිරිස රෝගියා පරීක්ෂා කොට ඔහු මියගොස් ඇති නිසා රෝහලට රැගෙන යාම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව වඩුක්කෝඩෙයි පොලිසියට මේ ගැන දැනුම්දීමෙන් පසුව පොලිසිය ඔහු රෝහල් ගත කර ඇතත් මියගොස් ඇති බව සනාථ වී ඇත. කෝවිලේ පූසාරීවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ