වනජීවිය මුදල් ගෙවීම ප්‍රමාද වීමෙන් බැකෝ හිමියන් යන්ත්‍ර දීම ප්‍රතික්ෂේප කරලා
ගොඩගැනීමට නොහැකි වීමෙන්
වනජීවී දෙපාර්තමේන්තුව මගින් බැකෝ යන්ත්‍රවලට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වන අලියා ඉකුත්දා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව රඹෑව, ගල්කඩවල ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර රඹෑව, කෑදෑව, ගල්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකි.
ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා තම ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි සටනක නිරත වූ ආකාරය දැකගත හැකි වූ බවද ඔවුහු පැවසූහ.
එම වන අලියා වැටී සිටි ස්ථානයට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ සිටියද බැකෝ යන්ත්‍රයක් ලබා ගැනීමට නොහැකි වූ බව අවට සිටි පිරිස් පැවසූහ.
ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර තිබුණද, වනජීවී දෙපාර්තමේන්තුව මගින්, මීට පෙර වනඅලි ගොඩගත් අවස්ථාවේදී ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් බැකෝ යන්ත්‍ර හිමිකරුවන් එම යන්ත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද ප්‍රදේශවාසීහු් පිරිසක් මෙහිදී අනාවරණය කළහ.
බැකෝ යන්ත්‍ර සැපයීම ප්‍රමාද වීම හේතුවෙන් මෑත කාලය තුළ කෑදෑව ප්‍රදේශයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූ, දෙවැනි වනඅලි මරණය මේ බව සඳහන් කළ ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ, වන අලින් රැක ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නව රජය විසින් සැකසිය යුතු කාලය එළඹ ඇති බවය.
මිහින්තලේ – රංග චතූ