Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

June 30, 2025
103 Views

සාරංච සාරතෝ ඥත්වා
අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා

සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත් දකින පුද්ගලයාට සත්‍යය අවබෝධයට පහසුය යන්න බුදුන්වහන්සේගේ මග පෙන්වීමයි.

සරු දෙය හා නිසරු දෙය කුමක්ද යන්න පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතු කාලයක් අප පසු කරමින් සිටී. එයට හේතුව සරුදේ මෙන් පැමිණෙන නිසරු දෙය අපගේ කාලය, මුදල්, ජීවිත විනාශ කර දමමින් තිබීමයි.

මිනිසුන් වැඩිහිටියන් ලෙස ලබන නිසි අවබෝධය මත සරු දෙය තෝරා බේරා ගැනීමට ඇති දක්ෂතාවය ඊළඟ පරපුරට ද මග පෙන්වීමට භාවිතා කළ හැකි දෙයකි. සරු දෙය මෙන් ඇස් රවටමින් අප වටා පවතින නිසරු දේවල් රාශියකි. කනගාටුවට කරුණ නම් නිසරු දේවල් බොහෝ ක්ෂේත්‍රයන් වසා පැතිරෙමින් පවතිද්දී දෑස් නොපෙනෙන අයවළුන් සේ බොහෝ දෙන ඒවා වැළඳ ගනිමින් තමා පරිහානියට පත්ව අනාගත පරපුරද ඒවාට බිලිදීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ අප අවධානය යොමු කළ යුතුම ප්‍රධාන ක්ෂේත්‍රයක් නම් අධ්‍යාපනයයි. විවිධ නාමයන් භාවිත කරමින්, විවිධ විෂයන් පිළිබඳව සඳහන් කරමින් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබාදෙන ආයතන හා පුද්ගලයන් සිය ගණනක් සමාජ මාධ්‍යයේ දැන්වීම් පළ කරමින් සිටී. දහස් ගණනින් මුදල් අය කරමින් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම ඒවායේ මූලික ක්‍රමවේදයයි. නමුත් මෙවැනි ආයතන බහුතරයකට රජයේ අනුමැතියක් නොමැති අතර ඔවුන් විෂය නිර්දේශවලටද කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැත. පාඨමාලාව අවසානයේදී ශිෂ්‍යයන්ගෙන් මුදල් ලබාගෙන අගනුවර ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවල උත්සව පවත්වමින්, ඡායාරූප ලබාගනිමින් සහතික පත් ප්‍රදානය කළ ද එම සහතික පත්‍ර කිසිදු වලංගුතාවයක් නොමැති හිස් කඩදාසි පමණි. මෙවැනි ව්‍යාජ පාඨමාලාවලට යොමුවීමට පෙර වැඩිහිටියන්ද, දූ දරුවන් ද නැවත නැවත සිතා බැලිය යුතුය.

“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” යනු සමාජයේ ප්‍රකට කියමනකි. යම් පුද්ගලයෙකුව වසර සියයක් පමණ ආශ්‍රය කරනු ලැබූවත් ඔහුගේ ඊළඟ මොහොතේ ක්‍රියාව නිශ්චිතවම කිව නොහැකිය. මිතුරුකමට වඩා මිතුරු වෙසින් සිටින්නන් බහුලය. මල් කැකුලක් වන් දියණියක විනාශ කර දැමූ බව වාර්තා වූයේ පියාගේ ළඟම මිතුරෙකු විසිනි. ටොෆි, චොකලට් වැනි දේවල් දිනපතා රැගෙන විත් ව්‍යාජ සෙනෙහසක් පෙන්වා එම දියණියව ඔහු විසින් රවටා ගෙන ඇත. අපගේ දූ දරුවන්ට ඉගැන්විය යුත්තේ සියල්ලට පෙර තමා අවට සැරිසරණ මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වීමටයි. නිබඳව සිහි තබා ගත යුත්තක් නම් අප සිටින්නේ ව්‍යාජ වෙස් මුහුණු පැළඳි පුද්ගලයින් සිටින සමාජයක බවයි. මෙයට කලකට පෙර ආයුර්වේද වෛද්‍යවරයෙක් සහ ප්‍රකට සමාජ සේවකයෙක් ලෙස පෙනී සිටි අයෙකු මරණාධාර සමිතියක් ආරම්භ කර දුගී දුප්පත් ජනතාවගෙන් එහි සාමාජිකත්වයට යැයි පවසා මාස ගණනක් ලක්ෂ ගණනින් මුදල් එකතු කරගෙන පලා ගිය අවස්ථාවක්ද අසන්නට ලැබිණි. මෙවැනි පුද්ගලයින්, මෙවැනි ආයතන, මෙවැනි කූට කටයුතු සහිත වැඩසටහන් අප වටා විවිධ ස්වරූපයෙන් දිනපතා සැරිසරමින් තිබේ. තවත් නිරතුරුව දැකිය හැකි කරුණක් නම් වැඩි පොලිය ලබාදෙන පදනම මත තමා අත රැඳි මුදල් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දී පසුව රැවටුණු බව දැන ගත්විට අධිකරණයේ පිහිට පැතීම හා උද්ඝෝෂණය කිරීමයි. මෙවැනි වංචාවන් පිළිබඳව කොතෙක් දැනුවත් කළත් ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා මුදල් තැන්පත් කර’ ඩොලර් ලෙස පොලිය ඉපැයීමට ගොස් මූල්‍ය වංචාවලට හසු වූ පුද්ගලයින් පසුගියදා බහුලව වාර්තා විය.

මෙවැනි ගැටලු රාශියකට හේතුව සරුදෙය හා නිසරු දෙය එකට පැටලී තිබීමයි. මං මුලාවූ’ සමාජයක සරු දෙයත් නිසරු දෙයත් තෝරා ගැනීම අභියෝගයකි. සරු දෙය සොයා ගැනීම ඥානවන්ත සැමගේ කාර්යයකි. අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට ද සාර්ථක නිවැරදි ජීවන ගමනක් සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප, කුසලතා ආදී ගුණාංග නිසි අයුරින් ප්‍රගුණ කරලීමට මූලිකත්වය ගත යුත්තේ අවබෝධයක් ඥානයක් සහිත වැඩිහිටියන්ය. එබැවින් සමාජයේ විවිධ වගකිවයුතු භූමිකා ඉටුකරමින් සිටින වැඩිහිටි අප සියලු දෙනාම මතු පරපුරට සරු, යහපත් දේවල් සුරක්ෂිත කරගැනීමටත්, නිසරු, අයහපත් දේවල් දුරු කිරීමටත් මග පෙන්වීම කළ යුතුය. එය අනාගත පරපුර වෙනුවෙන් වර්තමානයේ අපට ඉටු කළ හැකි වටිනාම කාර්යයකි.

දියතලාව, ඇල්ලගම, සුධර්මාලංකාර විද්‍යායතනයේ ආචාර්ය, ශාස්ත්‍රපති,
පූජ්‍ය කැකුළුවෙල විපුලසාර හිමි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විශේෂාංග

මානව හිමිකම් කොමසාරිස්ගේ චෙම්මනි වන්දනාව

විශේෂාංග

කෙහෙළිය ආරක්ෂා කළ පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම

විශේෂාංග

මැදපෙරදිග යුද්දේ අපට දැනෙන සද්දේ

විශේෂාංග

මොළේ මැරිලත් සැත්කම් කරලා නම්…

විශේෂාංග

බල්බ දල්වන්නේ නැතුව ගෙදර හිටියේ කොහොමද?

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok