මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජකවරයේ 50 වැනි ජුබිලිය නිමිත්තෙන් වූ දිව්‍ය පූජාව අද (30 දා) සවස 5.00ට කොළඹ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී පැවැත්වේ.
එම 50 වැනි ජුබිලිය ඊයේ (29දා) ට යෙදී තිබිණි. උන්වහන්සේ පූජකවරයට පත්වූයේ 1975 වසරේදීය.
1947 නොවැම්බර් 15 වැනිදා එවකට පොල්ගහවෙල දුම්රිය ස්ථානාධිපතිව සිටි පටබැඳිගේ දොන් විලියම් හා මේරි විනිෆ්‍රීඩා පෙරේරා යුවළගේ කුළුදුල් දරුවා ලෙස උපන් උන්වහන්සේ ඉතාලි, ප්‍රංශ, ජර්මන්, හෙබ්‍රෙව්, ග්‍රීක, ලතින්, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, සිංහල, දමිළ යන භාෂා 10ක් ප්‍රගුණ කළ ප්‍රවීණයෙකි.
ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය