මෙරට වගවීමේ ව්‍යාපෘතියත් අරමුදල් නැතිව අර්බුදයක
ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යුද අපරාධ සෙවීම වෙනුවෙන් සිදු කරන වැඩසටහන් රැසකට ලබා දෙන ඇමෙරිකානු අරමුදල් කපාහැරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. මේ අනුව මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියට ඉදිරියේදී අරමුදල් හිඟයකට මුහුණදීමට සිදුවනු ඇත.
ඇමෙරිකාව පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබිණි. ධවල මන්දිරය මෙම නිවේදනය නිකුත් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවය.
චතුර පමුණුව