රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා පෙරේදා (28දා) පැවැති එම සංගමයේ වාර්ෂික නිලවරණයේදී යළිත් තේරී පත්විය.
එම නිලවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා සභාපති ලෙසත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ලේකම් ලෙසත් 60%කට වඩා අධික ඡන්ද ලබාගනිමින් තේරී පත්වූහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ලේකම් තෝරා ගැනීමේ නිලවරණයට එක් පාර්ශ්වයකින් දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ යන මහත්වරුන් සභාපති සහ ලේකම් ධුර සඳහා ඉදිරිපත්වූ නමුත් ඡන්ද විමසීමෙන් ඔවූහු පරාජයට පත්වූහ.
ධම්මික සල්වතුර – සුජීව තත්සර