අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පත්කර ඇත.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කළ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම පත්කිරීම සිදුකර තිබේ.
ශානි අබේසේකර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
අබේසේකර මහතා විශ්‍රාම යෑමෙන් පසු වර්තමාන රජය යටතේ සේවා දිගුවක් ලබාගෙන නැවත පොලිස් සේවයේ පිහිටුවන ලදී. ඒ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ තනතුරට පත් කරනු ලැබුවේ ඉන්පසුවය.
විශ්‍රාම යෑමට පෙර ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියදී රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ දක්ෂ නිලධාරියෙකි.
දේශපාලන බලපෑම් මත යටගිය අපරාධ ගණනාවක් වර්තමාන රජය යටතේ නැවත විමර්ශන ආරම්භ කර ඇති අතර, එම අපරාධවලින් බහුතරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.
හේමන්ත රන්දුණු