මෙම වසරේ (2025) ගතවූ මාස 6 තුළ ඩෙංගු මරණ 16 දක්වා ඉහළ නැග ඇති බවත් ඒ අතර ඩෙංගු ළමා මරණයක් ද වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසුවාය.
මෙම කාලය තුළ ඩෙංගු රෝගීන් විසිඅටදහස් හත්සිය පනස් දෙදෙනකු (28,752) වාර්තා වී ඇතැයි ද ඇය කියා සිටියාය.
ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත්, එම සංඛ්‍යාව 4,908 ක් බවත් ඇය කියා සිටියාය.
මීට අමතරව කොළඹ නගර සභා සීමාවෙන් රෝගීන් 2,552 දෙනකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,317 දෙනකු ද වන බව ඇය සඳහන් කළාය.
එමෙන්ම රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වන බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.
මේ අතර, අද (30 දා) සිට ජූලි 30 වැනිදා දක්වා ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ.
දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්