Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කොළඹ උතුරටද…. කොළඹ දකුණටද…?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කොළඹ උතුරටද…. කොළඹ දකුණටද…?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කොළඹ උතුරටද…. කොළඹ දකුණටද…?

June 30, 2025
105 Views

එළඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් බිහිකර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කොළඹ පළාත් නියෝජනය කරනු ලබන කණ්ඩායම් දෙකක් වන කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම අවසන් මහා තරගය අද (30 වැනිදා) පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති තීරණාත්මක අවසන් පූර්ව තරගවලදී කවීජ ගමගේ ගේ නායකත්වයෙන් යුතු ප්‍රබල මහනුවර කණ්ඩායම පරාජයට පත් කරමින් විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණු කණ්ඩායම ද, විරාන් චමුදිතගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම පරාජයට පත් කරමින් චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායමත් සුදුසුකම් ලබා ගත්හ.

පළාත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේදී ද කවීෂ ලියනාරච්චිගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසි විය. කෙසේ වෙතත් මූලික වටය යටතේ පැවැති තරග 4 ම ජය ගනිමින් අවසන් කණ්ඩායම් 4 අතට තේරී පත්වූ මහනුවර කණ්ඩායම, මූලික වටයේදී තමන් පරාජයට පත් කරන ලද කොළඹ දකුණු කණ්ඩායම අතින්ම පරාජයට පත්වීම කැපී පෙනිණ.

කොළඹ දකුණු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු තරග 2 ම ජය ගත්තද අවසන් තරග 2 පරාජයට පත්විය. කෙසේ වෙතත් ඔවුන් අවශ්‍යයම තරගයේදී මහනුවර පිල පරාජයට පත් කිරීමට සමත්වූවේ සියලු දෙනාගේම අවධානය ඔවුන් වෙත දිනා ගනිමිනි. කොළඹ උතුරු කණ්ඩායම මෙම තරගාවලියේ මූලික වටය යටතේ ක්‍රීඩා කළ තරග 4 න් 2 ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.

හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලබන කොළඹ දකුණු කණ්ඩායමේ නායකත්වය හොබවන විමත් දින්සර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේද නායකයා ලෙසින් කටයුතු කරන්නේය. ඔහුට අමතරව රෙහාන් පීරිස්. සුවහස් ප්‍රනාන්දු, මලින්ත සිල්වා, හිරූෂ ප්‍රනාන්දු, ඔෂේන් ද සිල්වා යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා අවු. 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලද ක්‍රීඩකයෝ වෙති.

කොළඹ උතුරු කණ්ඩායමේ නායක චාමික හීනටිගලට අමතරව සෙනුරජ වෙකුණගොඩ, දුල්නිත් සිගේරා, ශ්‍රීරාම් ජීවහන්, තරුෂ නවෝද්‍ය කිත්ම විදානපතිරණ සහ මිනෝෂ් ඩෙලෝන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෝ වෙති.

මෙතෙක් පැවැති තරගවලදී ක්‍රීඩකයන් දක්වන ලද පෞද්ගලික දක්ෂතා අතර කොළඹ උතුරු කණ්ඩායමේ දුනික් පෙරේරා ඉදිරියෙන් සිටින්නේ තරග 3 කදී කඩුලු 10 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව කොළඹ දකුණු කණ්ඩායමේ හිරූෂ ප්‍රනාන්දු ද තරග 5 කදී කඩුලු 8 ක් දවා ගෙන සිටියි. ඊට අමතරව කොළඹ දකුණු කණ්ඩායමේ දහම් නිර්මාල්ද තරග 4 කදී කඩුලු 7 ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

පිතිකරුවන් අතර මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලීෂ පෙරේරා පෙරමුණ ගෙන සිටින්නේ තරග 5 කදී ශතක 2 ක් සමගින් මුළු ලකුණු 289 ක් රැස් කරමිනි. හෙට ක්‍රීඩා කරනු ලබන කොළඹ දකුණු සහ කොළඹ උතුරු කණ්ඩායම්වලින් දකුණු කණ්ඩායම නියෝජනය කරනු ලබන රෙහාන් පීරිස් වැඩිම ලකුණු ලද පිතිකරුවන්ගේ ලැයිස්තවේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ තරග 5 කදී ලකුණු 241 ක් රැස් කරමිනි. කොළඹ උතුරු කණ්ඩායමේ කිත්ම විදානපතිරණ ද තරග 4 කදී ලකුණු 204 ක් රැස්කොට එම සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටියි.

කොළඹ දකුණු කණ්ඩායම – විමත් දින්සර (නායක), රෙහාන් පීරිස්, සුවහස් ප්‍රනාන්දු, හිරුන් මතීෂ, ජේසන් ප්‍රනාන්දු, ඉසුල ගීගනගේ, දෙනෙත් පීරිස්පානදුර, ජෙසුවා සෙබස්තියන්, රයන් දිසානායක, මලින්ත සිල්වා, නෙතුල් අනුහස්, හිරූෂ ප්‍රනාන්දු (හොලිකොස්, දැහැම් නිර්මාල්, හංසක නිර්මාල් (හොරණ ශ්‍රීපාලි), ඔෂේන් ද සිල්වා.

කොළඹ උතුර කණ්ඩායම – චාමික හීනටිගල (නායක), පූර්ණ කල්හාර, අවීෂ ෂමාස්, සෙනුජ වෙකුණගොඩ, දුල්නිත් සිගේරා, මිනෝෂ් ඩෙලෝන්, විශ්ම අමරසිංහ, මානස මදුභාෂණ, ශ්‍රීරාම් ජීවහන්, තරූෂ නවෝද්‍ය, දුනික් පෙරේරා, තිමිර මිකාෂණ, සරිත් සුධීර, තරූෂ කොඩිකාර, කිත්ම විදානපතිරණ, රහීඩ් කරීම්.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ටෙස්ට් ජයක්

ක්‍රී​ඩා

සූරයන්ගෙත් සූරයා සුමනවීර ඔබට සුබ ගමන්

ක්‍රී​ඩා

පළමු ඉනිම පැරදුණු ඔස්ට්‍රේලියාවට ලකුණු 159ක විශිෂ්ට ජයක්

ක්‍රී​ඩා

ශතක ලබා උඩපන්දු අතහරින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

ක්‍රී​ඩා

පසු පෙළින් පැමිණි කුසල්ගෙන් විශිෂ්ට ඉනිමක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok