ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා වෙයි
ඔස්ට්‍රේලියා බ. ඉ. කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය
ජොස් හේසල්වුඩ් සහ ඔස්ට්‍රේලියානු පන්දු බළඇණියේ විශිෂ්ට පන්දු යැවීමත්, ට්‍රැවිස් හෙඩ්, බේව් වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි ඇතුළු ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දැක්වූ දක්‍ෂතාත් හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 159ක විශිෂ්ට ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
පසුගිය 25දා කිංග්ස්ටන් ඕවල්හිදී ආරම්භ වූ මෙම තරගය වේග පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු විය. එහිදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 180ක් පමණි.
කෙසේ වුවද එයට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 190ක් ලබාගැනීමට සමත්විණි.
ඒ අනුව ලකුණු 10ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 310ක් ලබාගැනීමට සමත්වූ අතර, ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 301ක ඉලක්කයක් හිමිවිය.
එහිදී බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම සුනු විසුණු කර දැමීමට ජොස් හේසල්වුඩ් සමත්වූ අතර, ඔහු ලකුණු 43කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වීමත් සමගම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 141ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 159ක විශිෂ්ට ජයක් හිමිවිය.
තරගයේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් සම්මාන ලැබීය.
ලකුණු සාරාංශය
ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 180යි.
ට්‍රැවිස් හෙඩ් 59, උස්මාන් ක්වාජා 47, පැට් කමින්ස් 28, බේව් වෙබ්ස්ටර් 11යි.
(ජෝඩ්න් සේලීස් 60/5, ශමාර් ජෝෂප් 46/4, ජැස්ටින් ග්‍රීවස් 26/1)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 190යි.
සායි හෝප් 48, රොස්ටන් චේස් 44, බ්‍රෙන්ඩන් කිංග් 26, අල්සාරි ජෝශප් 23, ක්‍රේසි කාර්ති 20.
(මිචෙල් ස්ටාර්ක් 65/3, බේව් වෙබ්ස්ටර් 20/2, පැට් කමින්ස් 34/2, ජොස් හේසල්වුඩ් 41/2,)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 310යි.
ඇලෙක්ස් කේරි 65, ට්‍රැවිස් හෙඩ් 61, බේව් වෙබ්ස්ටර් 63, මිචෙල් ස්ටාර්ක් 16, උස්මාන් ක්වාජා 15, කැමරන් ග්‍රීන් 15.
(සමාර් ජෝශප් 87/5, අල්සාරි ජෝශප් 65/2)
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 141යි.
සමාර් ජෝශප් 44, ජැස්ටින් ග්‍රිවර්ස් 38, ජෝන් කැම්ප්බෙල් 23, ක්‍රේසි කාර්ති 20.
(ජොස් හේසල්වුඩ් 43/5, නේදන් ලයන් 20/2)
සිසිර ඉන්ද්‍රජිත්