Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සජබය නාගත් ජාජබයත් අනාගත් බලසටනේ ශේෂ පත්‍රය!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සජබය නාගත් ජාජබයත් අනාගත් බලසටනේ ශේෂ පත්‍රය!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

සජබය නාගත් ජාජබයත් අනාගත් බලසටනේ ශේෂ පත්‍රය!

June 29, 2025
177 Views

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයක් සිදුවන බව පැවසුවත් ඒ පිළිබඳව ඔහු තුළ කිසියම් චකිතයක් ද වූ බව පෙනුණි. එසේම ඔහු අනුමාන කරන්නේ රටවල් දෙකම යුද්ධය නිසා හෙම්බත්ව සිටින බවත් එහෙත් ඕනෑම මොහොතක ඔවුන්ගේ අවි ක්‍රියාත්මක විය හැකි බවත්ය. ඇත්තටම ඉරානය ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රසාදයකින් නැති බව ද ඇතැම් විදේශ විත්ති විචාරකයන්ගේ අවධාරණය විය. එසේම ඉරානය කිසිසේත්ම ඇමරිකානු න්‍යාය පත්‍ර පිළිගනු ඇතැයි ද සිතිය නොහැකිය. කුමක් වුවත් මෙම ඊශ්‍රායාල – ඉරාන යුද ගැටුම මේ අයුරින් හෝ නතර වීම යුදවාදී බලවතුන්ට කෙසේ වුවත් ලංකාව ඇතුළු බොහෝ රටවලට අස්වැසිල්ලකි.

ඉරානය පමණක් නොව ගල්ෆ් කලාපයම තමන්ට වුවමනා පරිදි මෙහෙයවීම මේ බලවත් රටවලට අවශ්‍ය වීම මෙබඳු ගැටුම්වලට හේතු වී තිබේ. මෙයට පෙර ඇමරිකාවේ දෙවන බුෂ් පාලන සමයේදී ඉරාකයට කළ විනාශය අපට මතකය. එහි නායක සදාම් හුසේන්ගේ ජීවිතයම බිලි ගත් යුද මෙහෙයුමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය වුවද ගත් පියවරක් නැත. මෙවර සිදුවූයේත් එයමය. බ්‍රිතාන්‍ය වැනි රටවල් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන උනන්දුව මොනතරම් විහිළු සහගතදැයි මෙවැනි ගැටුම්වලින් ලොවට පැහැදිලි වනු ඇත. දැන් සියල්ල මතුපිටින් නිශ්චල වී තිබේ. ඇතැම්විට ජනාධිපති ට්‍රම්ප් පැවසූ පරිදිම හති වැටී සිටින දෙපාර්ශ්වයම යළි ඕනෑම අවස්ථාවක සාමය බිඳ දැමීමට පසුබට නොවිය හැකිය.

මෙසේ ඊශ්‍රායලය හා ඉරානය අතර යම් ප්‍රමාණයක හෝ සටන් විරාමයක් ඇති වුවත් අපේ දේශපාලන කඳවුරු නම් තවමත් සිටින්නෝ අවි මුවහත් කරමින්ය. ඒ පළාත් සභාවල බලය සඳහාය. මේ බලඅරගලයේදී ජාජබය මෙන්ම සජබය ඇතුළු විපක්ෂ කණ්ඩායම් විසින් ද අඩු වැඩි වසයෙන් හෙළි කරන ලද්දේ තම තමන්ගේ ග්‍රාම්‍ය හා ළාමක දේශපාලන හැසිරීම්ය. සජබය කිසිසේත්ම පුංචි ඡන්දයේදී තමන් ප්‍රතික්ෂේප වූ බව නොපිළිගනී. අද ඔවුන් හැසිරෙන්නේත් තර්ක කරන්නේත් ජනතාව විපක්ෂයට බලයක් ලබා දීබෙන බව පුන පුනා කියමින්ය. එහෙත් සජබයට හෝ වෙනත් විපක්ෂ කණ්ඩායමකට ජනතාව පිරිසිදු ජනවරමක් ලබාදී ඇත්තේ ඉතා අඩුවෙන්ය. ජාජබය හෙවත් මාලිමාව සභා 203ක බලය පිහිටුවද්දී සජබයට ලබාගත හැකි වූයේ සභා 32ක බලයකි. වෙනත් කිසිදු පක්ෂයකට සැලකිය යුතු බලයක් හිමි වූයේ ද නැත. එහෙත් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සභා 21ක බලය ලබාගැනීම කැපී පෙනෙන සිදුවීමකි. මොනවා කළත් උතුරේ දේශපාලනය දකුණේ තරම්ම අච්චාරුවක් නොවන බව අපට සිතේ.

ඇත්තටම පුංචි ඡන්දය පවත්වා මසකට නොඅඩු කාලයක් ගත වුවත් ඒ සභාවල බලය පිහිටුවීම දේශපාලන ගිනි කෙළියක් බවට පත්කර ගැනීම ගැන මේ මහත්වරු කවුරුත් වගකිව යුතු වෙති. කැබිනට් ප්‍රකාශක ඇමති නලින්දගේම වචනවලින් කිවහොත් මේ අවුලට හේතුව සජබයේ ඩෙගා නැටීමය. සජබය මේ සභාවල බලය සඳහා දක්වන උනන්දුව කවුරුත් දනිති. පළාත්වල බලය අහිමි වුවත් මේ ආණ්ඩුවට ඉන් බලපෑමක් නොමැති වුවද ජාජබය ද ඒ සටන අත්හැරීමට සූදානම් නැති බව පැහැදිලිය. ජාජබයට ද මේ බලමෙහෙයුම් නිසා දේශපාලන වසයෙන් අපවාද අවලාදවලට ලක්වීමට සිදුවිය. ඒවා බොහෝවිට සිල්ලර මට්ටමේ විවේචන බව ද පෙනුණි. එහෙත් ජාජබය බලය සඳහා ඔවුන් විසින්ම දූෂිතයන් ලෙස හෙළා දකින අයගේ සහාය ලබාගත්තේ නම් එහි සදාචාර ප්‍රශ්නයක් තිබේ. එහෙත් කිසිදු දේශපාලන සදාචාරයක් හෝ ප්‍රතිපත්තිගරුක බවක් විනයක් නොමැති පක්ෂවලට ඒ දේශපාලන සදාචාරය ගැන ප්‍රශ්න කිරීමට අයිතියක් නැති බව ද කිව යුතුය. එසේම ජාජබය බලය පිහිටුවීම සඳහා සිදු කළ මෙහෙයුම් පිළිබඳව ද අපට කිසිවක් කිව නොහැක. එසේම සජබයට විපක්ෂ කණ්ඩායම්වල බලය ලබාගැනීමට නොහැකි වූයේ කුමක් නිසා ද යන ප්‍රශ්නයත් මතු කළ යුතුය. එය හුදු ඩීල් හෝ ගනුදෙනු නිසා ජාජබය ලද ජයක් නම් ඒවා හෙළි කිරීම ද සජබයට භාර වූවකි. කිසිදු පදනමක් නොමැතිව අවලාද නැඟීම හෝ චෝදනා කිරීම දේශපාලන බංකොලොත්කමකි. වැරැද්ද වුරු කළත් වැරැද්දකි. ඇමැති නලින් පැවසූ පරිදිම ජාජබයට බලය දීමෙන් දේශපාලනික වසයෙන් තම සභා බලප්‍රදේශයට අත්විය හැකි සාධනීය ප්‍රතිඵල වටහා ගත් අය ආණ්ඩුව සමග එක්වූවෝද? එසේම තම පක්ෂ තීරණයට එරෙහිව කටයුතු කිරීමෙන් කිසියම් සභිකයකුට අත්විය හැකි ඉරණම රහස් ඡන්දයකදී වෙනස් වන බව ද කවුරුත් දනිති. රහස් ඡන්දයට සජබය විරුද්ධ වන්නේ ද තමන්ට එරෙහි වන සභිකයා හඳුනා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන හෙයිනි. එහෙත් රහස් ඡන්දය නොමනා හෝ අනිසි දෙයක් ලෙස හැඳින්විය හැකිද? රහස් ඡන්ද භීතිය සජබයට බලපෑ ආකාරය ඒ සභාවල බලය පිහිටුවීමේදී උද්ගත වූ උණුසුම් ප්‍රතිචාරවලින් ද පැහැදිලි විය.

මෙරටේ සිදු වී තිබෙන බොහෝ දේශපාලන එකඟතාවල පදනම වී ඇත්තේ පෞද්ගලික ප්‍රතිලාභ විනා රට හෝ ප්‍රතිපත්තිගරුක භාවය නොවන බව ද අපි දනිමු. අප බොහෝවිට සඳහන් කළ පරිදිම මෙරටේ දේශපාලනයට හෘද සාක්ෂියක් නොවීය. දේශපාලනය රට වෙනුවෙන් නොව තමන්ට, තම පවුලට, තම අනුගාමිකයන්ට ප්‍රතිලාභ ලබාදෙන කප්රුකක් බවට පත්කර ගත් රටක් අද අපට ඉතිරිව තිබේ. ඇමැතිවරයා පමණක් නොව පවුලේ සියලුදෙනාම පාහේ ඒ කප්රුක සරණ ගිය අයුරු දැන් සිදුවන දූෂණ, වංචා චෝදනාවලින් ද තහවුරු වේ. කුමක් වුවත් දේශපාලන පවුල් ගස් නිසා මේ රට ඉදිරියට නොගිය බව නම් අපට ඍජුව පැවසිය හැකිය.

මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පවා දේශපාලන පවුල් වෙනුවෙන් සිදු වූ අවස්ථා ද වේ. අපේ ව්‍යවස්ථාව වුවද දේශපාලන සරදම්වලට විවෘත වූවකි.

ගෝඨාභයගෙන් හිස් වූ ජනාධිපති ධුරයට කිසිදු ජනවරමක් ඒ වනවිට ලබා නොසිටි එජාපයේ රනිල් වික්‍රමසිංහ පැමිණීම අපේ ව්‍යවස්ථාවට එකඟ වූවකි. මේ පිළිබඳ කොපමණ වාද විවාද සංවාද ඇති වුවද රනිල්ට අද විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද හිමිකම් තිබේ. එය වෙනම කතාවකි.

පළාත් පාලන සභිකයන් ලෙස ද කිසිදු ජනවරමක් නොමැති අයට පක්ෂ මහ ලේකම් නිර්දේශ අනුව පත්විය හැකිය. එහි තිබෙන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදයට සරදම් කරන දේශපාලනයකි. කුමක් වුවත් ඇතැම් පළාත් සභා බලගැන්වීමට නීතිමය බලය හිමි වූයේ පළාත් පාලන කොමසාරිස්වරුන්ටය. එහෙත් අපට පැහැදිලි වූයේ ඔවුන්ට ලබාදී තිබෙන පූර්ව උපදේශවල වුව ද කිසියම් අවුලක් තිබෙන බවය. පාර්ලිමේන්තුවෙන් අනුමත වූ විධිමත් මාර්ගෝපදේශ පද්ධතියක් හෝ ගැසට් නිවේදනයක් තිබුණි නම් මෙබඳු අවුලක් ඇති නොවේ. විපක්ෂවල විශේෂයෙන් සජබ සභිකයන් බොහෝවිට ක්‍රියා කළ උද්වේගී ස්වරූපය කෙබඳු දැයි ඒවා ප්‍රවෘත්ති ලෙස නැරඹූ ජනතාවට ද පෙනුණි. කොළඹ නගර සභා පරාජයෙන් සජබ ඇතැම් අනුගාමිකයන් වියරු වැටී පළාත් පාලන කොමසාරිස්වරියට අපවාද නැඟීම ද සිදුවිය. සජබයේ සමහරුන්ට ඇය ආණ්ඩුවේ රූකඩයකි. මේවාගේ පදනම් විරහිත චෝදනා, ග්‍රාම්‍ය හැසිරීම් වැඩිපුරම නැඟෙන්නේත් පෙනුනේත් සජබයෙන්ය. සජබයේ ගුටි බැට හුවමාරු පවා සිදුවිය. මොනතරම් නිහීන දේශපාලනයක් ද? අද වනවිට ජාජබය පවා ඇතැම් සභාවල බලය පිහිටුවීමට සජබය, පොදුජන පෙරමුණ පමණක් නොව විවිධ සභිකයන්ගේ ද සහාය ලබාගෙන ඇත. පළාත් සභා බලගැන්වීම සඳහා දේශපාලන ප්‍රතිපත්ති බිඳ ගැනීම ගැන ජාජබයට දැඩි විවේචන ද එල්ල වෙයි. දේශපාලන සදාචාරය හා ප්‍රතිපත්ති ගරුක බවින් ඉහළ තැනක් ජවිපෙට තිබුණි. එබඳු තත්ත්වයක් විපක්ෂයේ කිසිදු පක්ෂයකට නොවීය. ඒවායේ යහපත් ශිෂ්ට චරිත තිබුණත් වැඩිපුරම රිංගාගෙන සිටියේ දේශපාලන අපතයන් බව කවුරුත් දනිති. ස්ත්‍රී දූෂකයන්, සල්ලාලයන්, ඒ ඇතැම් පක්ෂවල සිටි බව රටම දනී. පක්ෂ විනය, ප්‍රතිපත්ති නොතැකීම නිසා අද තම පාක්ෂිකයන්ගේ සාමාජිකත්වය අත්හිටුවීම වහාම සිදුවේ. එහි වරදක් නැත. එහෙත් විවිධ විෂමාචාර කළ නරුමයන්ට එරෙහිව චෝදනා පත්‍රයක් පවා එකල නොදුන් නායකකාරකාදීන් දේශපාලන විනය, සදාචාරය ගැන කතා කිරීම උත්ප්‍රාසය පමණක් නොව පිළිකුල ද දනවන්නකි.

කෙසේ හෝ දේශපාලන සංස්කෘතියක් නැති, හෘදය සාක්ෂියක් නොමැති බහුතරයක් දේශපාලනය පල් වළක් කරගෙන නිලය, බලය අවභාවිත කළ රටක සැබෑ චිත්‍රය මේ වනවිට ජනතාවට ද දැකගත හැකි වී තිබේ. රාජ්‍ය ආයතන පද්ධතියේ මර්මස්ථාන බහුතරයක්ම බිඳ වැටී හෝ අවුල් සහගත හෝ වී තිබේ. හිටපු පොලිස්පතිවරයකු අරබයා සිදුවන විමර්ශනවලදී හෙළි වන්නේ කෙබඳු තොරතුරුද? මේ රටේ නීතියේ ඉහළම නිලයක් හෙබවූ අයකුගේ විලාසය දැන් හෙළි වෙමින් තිබේ. ඔවුන් පිළිබඳ සමාජ ගත වී තිබෙන තොරතුරු දකින අසන යහපත් පුරවැසියන් තුළ ඇතිවන්නේ සංවේගයකට වඩා පිළිකුලකි. පුවත්පත, රූපවාහිනයක දවසින් දවස ජනතාව අබියසට ගෙන එන්නේ රටක් වසයෙන් ආඩම්බර විය හැකි පුවත් හෝ සිදුවීම් නොවේ. බන්ධනාගාර අධිපතිවරයා මාංචු දමා රැගෙන යයි. ජනාවට බලය අණදුන් ඇමැතිවරයෙක්ද එබඳුම චූදිතයකු ලෙස යනු පෙනේ. ඇත්තටම නීතියට බය නැති දේශපාලන නිරයක් අද ඒ නීතියේ ආධිපත්‍යය ඉදිරිපිට දණ ගසා සිටින්නෙහිය. වත්කම් ධනය උපයා ගත් ආකාරය පැවසීමට නොහැකිව දත කට පූට්ටුව සිටින වැඩි දෙනෙක් දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් බවද පෙනේ. කවර පුද්ගලයකු පසුපස වුවද එන්නේ ඔහුගේ හොඳ නරක බව බුදු දහම ඇතුළු ආගම්වලින්ද තහවුරු කරන ලද්දකි. බුදුන් වහන්සේ වදාළේද රස තෘෂ්ණාවෙහි බැඳුණු වාත මෘගයන් විනාශ වන්නා සේ යස සම්පත් ධනය ලුහුබැඳ යන්න අගතියට පත්වන බවය. බුදුහූ වරක් මුදල සර්පයකුටද සමාන කළහ. එසේම මුදල් නැතහොත් ධනය උපයන ධාර්මික මඟද අනාවරණය කළහ. එහෙත් අපේ බොහෝ නායකයන් පමණක් නොව ඔවුන්ගේ අනාගාමිකයන් හා ඇතැම් රාජ්‍ය නිලධාරීහුද ධන තෘෂ්ණාවෙන් විනාශය අත්පත් කරගත්තෝ නොවෙත්ද?

කෙසේ හෝ වේවා තවමත් අවසානයක් නොමැතිව ඇදී යන පළාත් සභා බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාජබයට එල්ල වූ විවේචන හා චෝදනා නොතකා හැරිය නොහැකි බවද මෙහිදී කිව යුතුය. ඒ තවමත් ජාජබයේ දේශපාලන සවිඥානකත්වය හා අභිලාෂයන් පිළිබඳ බහුතර ජනතාව තුළ විශ්වාසයක් තිබෙන හෙයිනි. අපට ද මෙම පක්ෂයේ අපේක්ෂා පිළිබඳ සාධනීය අදහසක් තිබේ. පසුගිය ජනාධිපතිවරණය හා මහමැතිවරණය තුළින් මෙරටේ බහුතර ජනතාව විසින් අපේක්ෂා කරන ලද දේශපලාන පුනරුදය යථාර්ථයක් වනු දැකීමට අපටද අවශ්‍යය. ජරපත් දේශපාලන පක්ෂවලට ආවේණික දේශපාලන මෙහෙයුම් සඳහා ජාජබය. යොමු වූයේ නම් එයට අනුමැතිය දීමට ද අපට නොහැකිය.

එහෙත් අප අපේක්ෂා කරන දේශපාලන අරුණෝදයේ ප්‍රාර්ථනාව තවමත් දැල්වෙමින් තිබේ. එජාපයෙන් කැඩී ආ රැල්ලක් බඳු සජබයට පැරණි ගතානුගතික දේශපාලන මාවත හැර අලුත් හා රැඩිකල් දේශපාලන මඟකට අවතීර්ණ වීමේ විභවය ඉතා අඩුය. පළාත් සභා බලය සඳහා තමන් මුලින් සන්ධානගත වීම ප්‍රතික්ෂේප කළ එජාපය මෙන්ම රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුව සමගද එක්වීමෙන් සජබය පෙන්වූයේද බොළඳ හා ළාමක දේශපාලනයකි. ජනාධිපති අනුර පසුගිය දිනක සඳහන් කළේද සජබයට හෝ විපක්ෂයේ කාට හෝ තමන්ට වඩා ආකර්ෂණීය හෝ රැඩිකල් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් තිබේ නම් ජනතා විශ්වාසය දිනා ගත හැකි බවය. එහි තේරුම ජාජබය අඟලකටවත් ළංවිය හැකි විපක්ෂ කණ්ඩායමක් මෙතෙක් බිහි වි නැති බවය.

ජාජබ ආණ්ඩුවට මේ වනවිට දළ වසයෙන් මාස 8ක් සම්පූර්ණ වී තිබේ යැයි කිව හැකිය. එහෙත් මේ කාලය තුළ මෙරටේ අලුත් පරිවර්තනයකට අදාළව විශේෂ කිසිවක් සිදුව ඇතැයි කිව නොහැක. ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැට ගැසී තිබෙන ආර්ථිකය ක්ෂණිකව වෙනස් කළ නොහැකි බව ඇත්තය. එහි තිබෙන නිෂේධනීය තත්ත්වය වන්නේ ආර්ථික අර්බුදයේ ගැටලු නිසා මතුවන ප්‍රශ්නවල බර ද ජනතාව මත පැටවීමය. එහිදී වෙනත් විකල්පයක් ආණ්ඩුවට නොමැති වීමය. විදුලිබිල පමණක් නොව සමාජ අර්බුද කළමනාකරණයට අදාළ වැඩපිළිවෙළක්ද ආණ්ඩුවට නැති බව ආර්ථික ක්ෂේත්‍රවල විද්වත්හූම පවසති. රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළම ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව සජබයේ හා වෙනත් පක්ෂවලද විවේචනය වී තිබේ. කුමක් වුවත් ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දක්වන සරල විවේචනවලින් නම් ආණ්ඩුව සෙලවිය නොහැකිය. සජබය ඇතුළු බොහෝ දෙනෙක් තවම පවසන්නේ බොරුව හෙවත් රැවටීම, ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම යන සරල කරුණු මත පදනම් වූ විවේචනයකි. විපක්ෂයේ ආර්ථික දැක්මක් සහිත මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂගෙන් වුවද ගැඹුරු ආර්ථික විවේචනයක් සිදුනොවේ. විවේචන යනු කඩා කප්පල් වැඩක් හෝ මඩ ගැසීමක් හෝ නොවේ. සාධනීය දේශපාලනයක් සඳහා ප්‍රබුද්ධ හා අර්ථවත් විවේචන අත්‍යවශ්‍ය බව අවධාරණය කළ යුතුය.

අද විපක්ෂවල බොහෝ දෙනෙක් විසින් අල්ලා ගනු ලබන්නේ වචනයක ඇදයක්, ප්‍රකාශයක පරස්පරයක් වැනි දෙයකි. එබඳු විවේචන ගැළපෙන්නේ පාසල් විවාද කණ්ඩායම්වලටය. ජාජබය අනුගමනය කරන දේශපාලන ආර්ථික ක්‍රම ඔවුන්ගේ මුල් යුගයේ ප්‍රකාශ සමග ගළපමින් ඒවායේ පරස්පරතා පෙන්වීමට වඩා ඒවා ගැඹුරින් විශ්ලේෂණයන් මතම දැක්වීම විපක්ෂයක වගකීම වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විශේෂාංග

කෙහෙළිය ආරක්ෂා කළ පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම

විශේෂාංග

මැදපෙරදිග යුද්දේ අපට දැනෙන සද්දේ

විශේෂාංග

මොළේ මැරිලත් සැත්කම් කරලා නම්…

විශේෂාංග

බල්බ දල්වන්නේ නැතුව ගෙදර හිටියේ කොහොමද?

විශේෂාංග

ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබූ සිරකරුවෙක් පන්නන්න ගහපු ‘ගේම’

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok