Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද්දේ අපට දැනෙන සද්දේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද්දේ අපට දැනෙන සද්දේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

මැදපෙරදිග යුද්දේ අපට දැනෙන සද්දේ

June 29, 2025
137 Views

අප බොහෝ කලක් යුද්ධයෙන් බැට කෑ ජාතියකි. 2009 වසරේ මැයි මාසයේ අපට ඒ කොටි ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධය ජයගත හැකි විය. ඒ නිසා එතැන් සිට රටේ සාමකාමී වාතාවරණයක් පවතී. එය රටක ආර්ථික දියුණුවට ඉතාමත් වැදගත් සාධකයකි. ඒ යුද්ධය ජයගත්තත් එහි උපරිම ප්‍රතිලාභ රටට ලබාගත හැකි වී ද යන්න නම් ප්‍රශ්නයකි. එම යුද ජයග්‍රහණයේ උපරිම වාසිය රටට සහ ජනතාවට අත්පත් කර දීමට පාලකයන් කටයුතු කළා නම් අද රට තිබෙනුයේ මෙතන නොවේ. අවසානයේ වැරදි සහ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය නිසා, 2022 වසරේ දී ලංකා ඉතිහාසයේ රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට ද මුහුණ දීමට අපට සිදු විය. කොවිඩ් වසංගතයේ බලපෑම් ද එම තත්ත්වයට හේතු නොවූවා නොවේ. කෙසේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහාය ඇතිව එම දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටියදී අපට නව ලෝක ආර්ථික පරිසරයේ අහිතකර බලපෑම්වලට මෙන්ම මෙම මැදපෙරදිග යුදමය වතාවරණයේ අහිතකර බලපෑම්වලට ද මුහුණදීමට සිදුව ඇත. යම් රටක් අභ්‍යන්තරයේ ඇතිවන යුද ගැටුමකට වඩා රටවල් දෙකක් අතර ඇතිවෙන යුද ගැටුමක දී එය එම රටවල් දෙකට පමණක් නොව අනෙකුත් රටවලට ද අහිතකර බලපෑම් ඇති කරයි. ඒ නිසා අපද මේ නව යුදමය තත්ත්වය ගැන අවධියෙන් සිටිය යුතු වේ. ඒ සඳහා මුහුණදීමට පෙර සූදානමක් ඇතිකර ගත යුතුවේ.

මේ පසුබිම තුළ මේ ලිපියෙන් අප සාකච්ඡා කරනුයේ මේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිව තිබෙන යුදමය වතාවරණයේ අහිතකර ආර්ථික බලපෑම් ගැනය.

මේ ගැන පසුගියදා (ජුනි 25) කැබිනට් මාධ්‍ය හමුවේ දී ද අවධානයට ලක්විය. ඒ අනුව මේ යුද වාතාවරණය ගැන රජයේ ස්ථාවරය ගැන මෙන්ම මෙහි අහිතකර බලපෑම්වලට මුහුණදීම සඳහා රජයේ ඇති සූදානම ගැන ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන ලදී. එම ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මැදපෙරදිග යුදමය තත්ත්වය හරහා ශ්‍රී ලංකාවට පැති කිහිපයකින් බලපෑම් ඇතිවිය හැකි බවයි. ඒ අනුව ඇතැම් බලපෑම් සම්බන්ධයෙන් විකල්ප සොයාගත යුතු බවත් එසේම ඇතැම් බලපෑම්වල ආර්ථික හානිය අවම කරගත යුතු බවත් ඔහු කීවේය. ඇමැතිවරයා කියා සිටියේ විදේශ විනිමය ප්‍රේෂණවලට, ඉන්ධන මිල ගණන්වලට සහ තේ ඇතුළු ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ද්‍රව්‍යවලට මේ යුදමය තත්ත්වය හරහා බලපෑම් ඇතිවිය හැකි බවය. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් හුස්මක් ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි යුද ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීම ශ්‍රී ලංකාවට පාඩු සහ අවදානම්සහගත තත්ත්වයක් බවත්, ඒ නිසා මේ තත්ත්වය රජය විසින් සමීපව අධ්‍යයනය කරමින් සිටින බවත් ඇමැතිවරයා සඳහන් කළ කරුණකි. ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

‘අප කුඩා රටක් වුවත් අපේ ඉල්ලීම වන්නේ මේ යුද ගැටුම් නවත්වන ලෙසයි. රජය සිටින්නේ යුද්ධය හෙළා දකින යුද්ධය අනුමත නොකරන සහ ලෝක සාමය පවත්වා ගත යුතුයි යන ස්ථාවරයේ බවත්, මේ ගැටුම් හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනයා බව ද ඇමැති නලින්ද ජයතිස්ස මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය. මෙවැනි යුද ගැටුමක් දිගින් දිගට ඇදී ගියහොත් වනු ඇත්තේ එම රටවල් දෙකට අමතරව අනෙකුත් රටවලට ද අඩු වැඩි වශයෙන් එහි විපාක විඳීමට සිදුවීමයි. ඇමැති නලින්ද කියන පරිදිම අපි අමාරුවෙන් කිසියම් යහපත් ආර්ථික කඩඉමකට පැමිණ සිටිමු. එහෙත් ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා මෙතෙක් අප පැමිණි ගමන්මගේ ප්‍රතිපත්ති වෙනසකින් තොරව තවත් ඉදිරියට යෑමට ද අපට සිදුව ඇත. එහිදී නව ලෝක ආර්ථික පරිසරය හමුවේ මෙන්ම මේ ලෝක යුද ගැටුම් හමුවේ වනු ඇත්තේ, අපේ ආර්ථිකය යථාවත් කර ගැනීමේ උත්සාහය තවත් අමාරු හා දුෂ්කර තත්ත්වයට පත්වීමයි. ඒ නිසා අනිවාර්යයෙන් මේ නව තත්ත්වයන්ට මුහුණදීම සඳහා නව සැලසුම් සහ උපායමාර්ග අනුව කටයුතු කිරීමට ද අපට සිදුවනු ඇත.

රට රැකියා කරන අය එවන විනිමය ප්‍රේෂණ අපගේ ප්‍රධාන විදේශ විනිමය ඉපයුම් මාර්ගයකි. විශේෂයෙන් යුද ගැටුමට මැදිව ඇති ඊශ්‍රායලයේ අපේ රැකියා කරන සැලකිය යුතු පිරිසක් සිටී. මේ නිසා මේ යුද ගැටුම් හමුවේ අපේ විදේශ විනිමය ප්‍රේෂණවලට බලපෑමක් විය හැකිය. මේ අනුව අලුතින් රැකියා සඳහා එරටට යෑමට මෙන්ම එරට සිටින අයට රැකියා කරගෙන යෑමට ද ප්‍රශ්න ඇති විය හැකිය. මේ සම්බන්ධයෙන් දැනටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යම් තීරණයක් ගෙන ඇත. ඒ අනුව මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුව තිබේ. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචිය ජුනි 27 දින සිට ජුලි මස 01 වැනිදා දක්වා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දී ඇත්තේ එය නොවැළැක්විය හැකි හේතුවක් මත තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවය.

සටන් විරාමය

දැනට ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්ව ඇත. එයට ඇමෙරිකාව මැදිහත්වී ඇත. එහෙත් එම සටන් විරාමය කඩ කරමින් ප්‍රහාර ද එල්ල වී ඇත. මේ නිසා එය අසාර්ථක වන බවට මෙන්ම සටන් විරාමය සාර්ථක වන බවට ද වශයෙන් මේ වන විට විවිධ මාධ්‍ය වාර්තා පළ වී ඇත. වොෂින්ටනය මැදිහත් වී ඇති වූ සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට සහ ඉරානයට දැඩි ලෙස දොස් පවරා ඇත.

සටන් විරාමයට නිල වශයෙන් එකඟ වීමෙන් ටික වේලාවකට පසු, ඊශ්‍රායලය චෝදනා කළේ ටෙහෙරානය ඊශ්‍රායල භූමියට තවත් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වන බවත්ය. කෙසේ වෙතත් ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. නේටෝ සමුළුවට සහභාගි වීම සඳහා හේග් බලා පිටත්ව යෑමට පෙර මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් කියා සිටියේ තමන් රටවල් දෙකම ගැන “සතුටු නැති” බවත්, විශේෂයෙන් ඊශ්‍රායලය ගැන වැඩිපුර කෝපයෙන් සිටින බවත්ය. ඔහු පැවසුවේ ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ වහාම “උල්ලංඝනයක්” සිදු කළ බවයි. කෙසේ හෝ මේ යුද ගැටුම්වල නවතම තත්ත්වය ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ එළැඹෙන සතියේ ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පවත්වන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බවයි.

එම අවස්ථාවේදී ඇතැම් විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවටද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ඔහු මේ බව පවසන ලද්දේ ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය. කෙසේ වෙතත් ඊට පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් ඇමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවත්, එයින් ඇඟවෙන්නේ වොෂින්ටනය සමග තවදුරටත් සංවාදයක් කළ නොහැකි බවත්ය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක කාලයක් පැවති යුද ගැටුම් මේ වනවිට සමනය වෙමින් පැවතියේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කරගත් ඉරාන – ඊශ්‍රායල සටන්විරාමය ක්‍රියාවට නැංවීමත් සමගිනි.

එම සටන් විරාමය කඩවීම හමුවේ ඇමෙරිකානු ජනාධිපතිවරයා කෝපයට පත්ව තිබුණි. ඔහුගේ අදහස් දැක්වීමෙන් මේ බව පැහැදිලි වේ.

“අපි එකඟතාවකට ආව විතරයි ඊශ්‍රායලය බෝම්බ හෙලන්න පටන් ගත්තා. මට ඊශ්‍රායලය ගැන පැහැදීමක් නැහැ. මම කිව්වම පැය 12ක් තියෙනවා කියද්දී, පළවෙනි පැයේදීම ගිහින් බෝම්බ හෙලන්නේ නැහැනේ. මට ඉරානය ගැන පැහැදීමකුත් නැහැ. ඒත් ඊශ්‍රායලය කරපු දේ ගැන මට සතුටු නැහැ. මේ රටවල් දෙකක් දීර්ඝ කාලයක් තිස්සේ දරුණු සටනක පැටලී ඉන්නවා. ඔවුන් කරන්නේ මොනවද කියලා ඔවුන්ම දන්නේ නැහැ.”

මේ සමග ප්‍රහාර නතරකර සටන් විරාමය සුරකින බවට දෙපාර්ශ්වයම නිවේදනය කර තිබේ. එය සාමයේ අපේක්ෂා ඇති කරවන්නකි. එහෙත් මේ යුද ගැටුම් ගැන තමන්ගේ පැත්තෙන් මේ රටවල් දෙකම විවිධ ප්‍රකාශ සිදුකර ඇත. කෙසේ හෝ මේ වන විට ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පවත්වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. එම අවස්ථාවේදී ඇතැම් විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.

කෙසේ වෙතත් පැය 48 කට පමණ පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් ඇමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවත්, එයින් ඇඟවෙන්නේ වොෂින්ටනය සමග තවදුරටත් සංවාදයක් කළ නොහැකි බවත්ය. මේ කියන ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා කවර ලෙස සිදුවූ ඇති ද යන්න අපි බලා සිටිමු.

මැදපෙරදිග මේ යුද උණුසුම ශ්‍රී ලංකාවට බලපාන අයුර ගැන සඳහන් කරන්නේ නම්, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අවදානමක් පවතින අතර, එය ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට සෘජුවම බලපානු ඇති බව ආර්ථික හා මූල්‍ය අංශවල අදහස වී තිබේ. එසේම මේ යුද ගැටුම්වල සිදුවෙන වර්ධනය, ලංකාවට ආර්ථික හා සමාජීය වශයෙන් බරපතළ බලපෑම් එල්ල කළ හැකි බවට ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති. මේ අනුව අපට සිදුවිය හැකි ප්‍රධාන බලපෑම් කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

එකක් නම් ඉන්ධන මිල ඉහළ යෑම සහ හිඟයක් ඇතිවීමේ අවදානමයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් කලාපයෙන් ලොව පුරා රටවලට ඉන්ධන සැපයුමෙන් විශාල කොටසක් සිදු වේ. එය ඇනහිටියහොත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යන අතර, ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීමට ද දුෂ්කරතා ඇති වනු ඇත. දෙවැන්න නම් විදේශ විනිමය අර්බුදයට ඇතිකරන බලපෑමයි. ඉන්ධන මිල ඉහළ යෑම සහ විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයන්ට ඇතිවන බලපෑම් හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අඩුවිය හැකිය. එය දැනටමත් පවතින විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම තවදුරටත් දුෂ්කර කරනු ඇත. තෙවැන්න නම් විදේශ රැකියා අවස්ථා අහිමි වීමට ඇති අවදානමයි.

මේ යුදමය තත්ත්වය හෙතුවෙන් ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අවදානමට ලක්විය හැකිය. එයින් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ අඩුවීමට හේතුවකි. ගෝලීය වශයෙන් වෙළෙඳාමට සිදුවන බාධා හේතුවෙන් අපගේ ආහාර ද්‍රව්‍ය ආනයනයටද බලපෑම් ඇතිවිය හැකිය. මේ හමුවේ අපගේ ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් ඇති වීමට ඉඩ ඇත. එනම් සමස්තයක් ලෙස මැදපෙරදිග අර්බුදය ලෝක ආර්ථිකයට සිදුකරන බලපෑම හමුවේ, එය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට ද අහිතකරව බලපානු ඇත. රජය මෙම තත්ත්වයන්ට මුහුණදීම සඳහා සැලසුම් සකස් කරමින් සිටී. එහෙත් මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම ලංකාවේ ආර්ථිකයට අභියෝග රැසක් එල්ල කරනු ඇති බැවින් අපගේ ප්‍රාර්ථනය වන්නේ නම් මේ ගැටුම් නිම වී සාමය ඇතිවනු දැකීමයි.

2022 වසරේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ඇතිව එය ක්‍රමයෙන් සමනය කර ගනිමින් යම් ආර්ථික ස්ථාවරත්වයක් රටේ ඇතිව තිබුණත් රටේ ආර්ථික ඉදිරි ගමන හමුවේ සැලකිය යුතු අභියෝග තිබේ. එවැනි පසුබිමක මෙවැනි යුද තත්ත්වයන් විසින් අපගේ එම අභියෝගාත්මක වාතාවරණය තවත් සංකීර්ණ සහ අසීරු අඩියකට ඇද දැමීමට ඉඩ තිබේ. එහෙත් දැනට ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන සටන් විරාමය, සාර්ථක වී මේ ගැටුම්කාරී වාතාවරණය නිම වන්නේ නම්, එය අපට ද මේ මොහොතේ විශාල අස්වැසිල්ලක් වනු ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විශේෂාංග

කෙහෙළිය ආරක්ෂා කළ පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම

විශේෂාංග

මොළේ මැරිලත් සැත්කම් කරලා නම්…

විශේෂාංග

බල්බ දල්වන්නේ නැතුව ගෙදර හිටියේ කොහොමද?

විශේෂාංග

ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබූ සිරකරුවෙක් පන්නන්න ගහපු ‘ගේම’

විශේෂාංග

සජබය නාගත් ජාජබයත් අනාගත් බලසටනේ ශේෂ පත්‍රය!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok