ශ්‍රී ලංකාවේ දැනට සේවයේ නියැළෙන හෙද හෙදියන් විදේශ රටවලට සංක්‍රමණය වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ දැනට සේවයේ නියැළෙන හෙද හෙදියන් විදේශ රටවලට සංක්‍රමණය වීම සම්බන්ධයෙන් හේතු සාධක සහ සදාචාරාත්මක කරුණු සහ එහි වාසි අවාසිය සලකා බැලීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව පසුගිය දින පැවැත්වූ මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ උපාධිධාරී හෙද පදනමේදී පැවැත්විණි. එහිදී සෞඛ්‍ය පද්ධතියේ තිරසර භාවය රැකගනිමින් හෙද හෙදියන් සංක්‍රමණය වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෙරිණි. මෙම ලිපිය සැකසෙනුයේ එහිදී පළ වූ අදහස් ඇසුරිනි.
හෙද හෙදියන් විදේශගත වීමට බලපාන සාධක
ශ්‍රී ලංකා හෙද සභාවේ කීර්තිරත්න මහතා පළකළ පරිදි, විදේශගත වීමේ ප්‍රධාන හේතු ලෙස ශ්‍රී ලංකාවේ අඩු වැටුප් සහ සීමිත ප්‍රතිලාභ, වැඩි සේවා මුර සහ වැඩි වැඩ බර, වෘත්තීය සංවර්ධනය සඳහා සීමිත අවස්ථා, වෘත්තීය ගෞරවය, පිළිගැනීම සහ වෘත්තීය අනන්‍යතාවය නොමැතිකම, වෘත්තීය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවීම, පිරිමි හෙදියන් සඳහා සීමිත සේවා අවස්ථා ලබාදීම, දේශපාලන හා ආර්ථික අස්ථාවරතාවය, එමෙන්ම විදේශ රටවලට සංක්‍රමණය වීමට හෙදවරුන් උනන්දුවක් දක්වන හේතු ලෙස, ඉහළ වැටුප් සහ වඩා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් තිබීම, වෘත්තීය පුහුණුව සහ උසස් වෘත්තීය සංවර්ධනයේ අවස්ථා, වැඩ කිරීමට ගුණාත්මක පරිසරයක් සහ ආරක්ෂාව, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ අවස්ථා දැක්විය හැකිය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය හා රෝගීන්ට වන බලපෑම
ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී දීපානි කරුණාරත්න මහත්මිය එහිදී මෙවන් අදහසක් පළ කළ සිටියාය.
2024 වසරේදී, සෞඛ්‍ය සේවාවේ සම්පූර්ණ හෙද කාර්ය මණ්ඩලය 2,679ක් අතරින් 58 දෙනෙකු විදේශගත වී ඇත. මෙය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට දැඩි බාධා ඇති කර තිබේ. ඉහළ පුහුණුවක් සහිත හෙදවරු විදේශගත වීම නිසා විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකක, ළමා රෝග ඒකක සහ වෛද්‍ය වාට්ටු ආදිය දැඩි ලෙස බලපා ඇති ක්ෂේත්‍රයන් බවට පත්වී ඇත. එම නිසා ඉතිරි හෙද හෙදියන්ට අධික වැඩ මුර සංඛ්‍යාවක් යටත් වී ඇති අතර සමහර හෙද හෙදියන් පැය විසි හතරක කාලයක් වැඩ කිරීමටත් මාසිකව රාත්‍රී සේවා මුර පහළොවක් දක්වා ඉටුකිරීමටත් සිදුව ඇත. වෛද්‍ය වාට්ටු සඳහා දිනකට රෝගීන් 8,000ක් පමණ ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර බිම මත රෝගීන්ට ප්‍රතිකාර කිරීමක් ද සිදුකිරීමට මෙම හෙද හෙදවරියන්ට සිදුවී ඇත.
අධික වැඩ බර, තෙහෙට්ටුව සහ පළපුරුදු උපදේශකයින් නොමැතිකම හේතුවෙන් රැකවරණය ගුණාත්මක භාවය අඩාල වී ඇති අතර වෛද්‍ය දෝෂ සහ ආසාදන අවදානම වැඩි වී ඇත. “Brain Drain” (බුද්ධි විප්ලවය) යන සංකල්පය “Brain Circulation” (බුද්ධි සංසරණය) යන සංකල්පයට හැරවිය යුතු අවශ්‍යතාවයක් එතුමිය අවධාරණය කෙරිණ. මෙය විදේශ අත්දැකීම් ලබා නැවත රටට ආපසු පැමිණෙන ආකාරයකට මාරුවිය යුතුය. මෙවන් ආකෘතියක් දිගුකාලීන සෞඛ්‍ය කාර්යබල සැලසුම් සඳහා වඩාත් සුදුසුය.
සංක්‍රමණ සදාචාරාත්මක සලකා බලන කරුණු
එහිදී අශෝකා අබේනායක මහත්මිය දැක් වූවේ මෙවැනි අදහස් පෙළකි.
සංක්‍රමණය, නපුරුකමෙන් තොරවීම, හානිකර නොවන බව, යුක්තිය සහ ස්වාධීනත්වය ඇතුළු ආචාර ධර්ම මූලධර්ම පිළිපැදිය යුතුය.
ශ්‍රී ලංකාව සහ විදේශීය ඉලක්ක රටවල පවතින සදාචාරාත්මක ක්‍රියාපටිපාටි අතර ඇති වෙනස හේතුවෙන් විදේශගත හෙදියන් අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙයි.
සත්කාර ගුණාත්මකභාවය පිළිබඳ නීති සම්පාදනය සහ ආරක්ෂාව වැනි උසස් සත්කාර ප්‍රමිතීන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම, රෝගීන්ගේ ආරක්ෂාව සීමා කරයි. සංක්‍රමණික හෙදියන් දැනුවත් කැමැත්ත, ස්වාධීනත්වය, රහස්‍යභාවය සහ ආදේශක තීරණ ගැනීම වැනි කරුණුවලදී අභියෝගවලට මුහුණ දෙයි. විදේශගත වීමට සුදානම් වන හෙද වෘත්තිකයන් සඳහා පුළුල් උපදේශන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය. සංක්‍රමණ වී සිටින හෙද හෙදියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි, නීතිමය සහ සම්මත ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.
සංක්‍රමණික හෙදියන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් කෙරෙහි බලපෑම්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රමුදිතා මාධවි එහිදී මෙලෙස කරුණු සඳහන් කළාය.
බොහෝ හෙදියන් සංක්‍රමණය වීමට පෙළඹී සිටියද, නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අභියෝගාත්මකය. පොදු ගැටලු අතර සංස්කෘතික කම්පනය, තනිකම, මානසික අවපීඩනය, අධි රුධිර පීඩනය සහ වෙනස් කොට සැලකීම ඇතුළත් වේ. වැසිකිළි (තෙත් සිට වියළි දක්වා පද්ධති) භාවිතය සහ ධුරාවලී වැඩ සංස්කෘතීන් වැනි විවිධ සමාජ සම්මතයන් සහ පද්ධතිවලට අනුවර්තනය වීම දුෂ්කරතා ඇති කරයි. නැවත පැමිණීමෙන් පසු වැඩ පද්ධතිවල සහ අපේක්ෂාවන්හි වෙනස්කම් හේතුවෙන් නැවත ඒකාබද්ධ වීම සංකීර්ණ වේ.
තිරසර සංක්‍රමණ කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති මට්ටමේ සලකා බැලීම්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රමේෂ් විජේසිංහ මහතා එහිදී පහත කරුණු ගෙනහැර දැක් විය.
පළාත් සභාවලින් ලැබෙන තොරතුරු සම්පූර්ණයෙන්ම දත්ත පද්ධතියට ඇතුළත් නොවීම නිසා නිවැරදි තීරණ ගැනීම බාධා වෙයි.
සංක්‍රමණය සඳහා අනුමත නිවාඩු ගණන 2021-2022 කාලය තුළ 105ක් වූ අතර, 2023 වසරේදී එය 502ක් දක්වා දැඩි ලෙස ඉහළ ගියේය.
වත්මන් සේවා ව්‍යවස්ථා නීති රාමුව සත්‍යයේ සිටින ශ්‍රම බළකායේ අවශ්‍යතා සමග නොගැළපේ.
බඳවා ගැනීම් සීමා වී ඇති අතර වාර්ෂිකව හෙද පුහුණු පාසල්වලින් හෙදියන් 75ක් සහ විශ්වවිද්‍යාලවලින් හෙදියන් 25ක් පමණක් නිපදවයි. දැනටමත් හෙද පුරප්පාඩු 3,915ක් පමණ පවතී. මෙම අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ සේවක හිඟය, සංක්‍රමණය ආදී ගැටලු සවිමත් වශයෙන් පිළිබඳව සලකා බලන පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය බව අවධාරණය කරන ලදී.
තවද, රට තුළ හෙදියන්ගේ වෘත්තීය අනන්‍යතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම මණ්ඩලය අවධාරණය කළේය. අධ්‍යයන හා සායනික උපදේශකත්වය තුළින් මෙම අනන්‍යතාවය වර්ධනය කිරීමේදී අධ්‍යාපනඥයින්ට වැදගත් කාර්යභාරයක් ඇති බව සඳහන් විය. හෙද අධ්‍යාපනය සහ පුහුණුව පුරාවට පෝෂණය කළ යුතු මූලික නිපුණතාවයක් ලෙස සායනික විනිශ්චය වර්ධනය කිරීම ඉස්මතු කරන ලදී.
සංස්කෘතික සංවේදීතාව ඇතුළත් ජාත්‍යන්තරව පෙළගස්වන ලද හෙද විෂයමාලා ඒකාබද්ධ කිරීම සඳහා ද මණ්ඩලය පෙනී සිටියේය. එවැනි විෂයමාලා ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලාංකික හෙදියන්ගේ ගෝලීය සූදානම වැඩි දියුණු කිරීම පමණක් නොව, දේශීයව සහ ජාත්‍යන්තරව සංස්කෘතික වශයෙන් ලබාදීම වැදගත්කම ඔවුන් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා හෙද සංගමයේ සභාපති මහාචාර්ය එස්.එස්.පී. වර්ණකුලසූරිය මහතා විසිනි.
ලිපිය සැකසීම –
ප්‍රකාශන කමිටුව ශ්‍රී ලංකා උපාධිධාරී හෙද පදනම
අපට යොමු කළේ
තිළිණි මාපටුන