මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය සහ සමස්තයක් ලෙස ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් සේවා සන්නාමය ලෙස දෙවන ස්ථානයට තේරී පත් වී ඇති අතර, කොම්බෑන්ක් ඩිජිටල් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් ඊ-වාණිජ්‍ය (මූල්‍ය) සන්නාමය ලෙස නම් වී ඇත.
ජනවාරි මාසයේදී PepperCube Consultants විසින් සිදු කරන ලද පුළුල් අධ්‍යයනයක ප්‍රතිඵල පදනම් කර ගනිමින් මෙම සම්මාන ත්‍රිත්වය සනාථ කරන ලදී. මෙම වර්ෂය ආරම්භයේ දී, අඛණ්ඩව තුන්වන වරටත් 2025 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළලෙහි ‘වසරේ ජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තේරී පත් වූ අතර එමඟින් පෞද්ගලික අංශයේ බැංකු අතරින් වඩාත්ම ජනප්‍රිය බැංකුව ලෙස තම තත්ත්වය තහවුරු විය.