Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දැයේ දරුවන් මතින් නිදහස් කරගනිමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දැයේ දරුවන් මතින් නිදහස් කරගනිමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

දැයේ දරුවන් මතින් නිදහස් කරගනිමු

June 27, 2025
380 Views

ඊයේ (26දා) ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම් දිනයයි. සෑම වසරකම මෙම දිනයේදී විවිධ උත්සව සැමරුම්, සිදුකිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. එහෙත් අප රට තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හෙරොයින්, ගංජා අයිස් සහ වෙනත් මනෝවර්තක මත්ද්‍රව්‍ය, විවිධ ඖෂධ වර්ග, දුම්වැටි, දුම්කොළ භාවිතයට සඳහා යොමු වී ඇත. ඒ බැව් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ වාර්තාවන්, දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියෙහි වාර්තාවන්, විවිධ නීති රීති ක්‍රියාත්මක වන ආයතනවලින් සකස් කරන ලද වාර්තාවන් මගින් පැහැදිළි වේ. එහෙත් මේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන දැනුවත් කිරීම්, පුහුණු කිරීම්, ප්‍රතිකාර, පුනරුත්ථාපන, නීතිය ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සිදු වුවද භාවිතාව ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව සහ ගනු ලබන තීරණ ක්‍රියාත්මක වීම අවම මට්ටමක පවතින බව කිව යුතුය. වසර තිස් දෙකක මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ, රාජ්‍ය සේවයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරිණියක ලෙසද, ලංකාව පුරා බාහිර සේවා නිලධාරීන් පාලනය කරමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර, අධ්‍යක්ෂ බාහිර සේවා තනතුරෙහි සේවය කරන ලද මා හට ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතාව පිළිබඳව අවබෝධයක් ඇත. ඒ අනුව අනෙක් වැඩිහිටි පරම්පරාවන්ට වඩා අපගේ දරුවන් මෙම මත්ද්‍රව්‍ය භාවිතාවට යොමු වීම වැඩිවන බව නිරීක්ෂණය කළ හැකිය. එසේ නම් වසරක් පාසා සැමරුම් උත්සවයන් පැවැත්වීම මෙන්ම සෘජු ප්‍රතිපත්ති සකස්කරමින් වගකිවයුතු, ආයතන සැපයුම හා ඉල්ලුම අවම කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුය. අප රට තුළ රජයේ මැදිහත්වීමෙන් විවිධ ක්‍රියාකාරකම් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වුවද අනෙකුත් සුවිශේෂී ආයතන පෞද්ගලික ආයතන හා එක්ව මත්ද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් ඉහළට සිට පහළට විසඳුම් සෙවිය යුතුය. මෙම ගැටලුව තුළ පහළ මට්ටමේ ජීවත් වන ප්‍රජාව තුළ එම පරිසරයේම ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් සැලසුම් කළ යුතුය. හතු පිපෙනවාක් මෙන් ක්‍රියාවට නංවන ක්‍රියාකාරකම් ප්‍රතිඵලදායක නොවීම කනගාටුවට කරුණකි. දරුවන්ගේ අනාගතය ඉලක්කගතව, ඔවුන්ව යහපත් දරුවන් ලෙස ගොඩනැඟිය හැකි අයුරින් ඔවුන්ට මඟපෙන්වීමට වැඩිහිටි, ගුරුවරු, දෙමාපියන් මෙන්ම සමාජයේ මේ පිළිබඳව දැනුමැති විශේෂඥ වෘත්තීයවේදීන්ගේ සහය ද උපකාරීවේ. මව්කුස පිළිසිඳ ගැනීමේ සිට පූර්ව ළමා විය, ළමා විය, යොවුන් විය යන අවධීන් තුළ ලැබූ අත්දැකීම් සහ අධ්‍යාපනය, පවුලේ තත්ත්වය, පරිසරය, අධ්‍යාපනය ලබන පාසල යහළුවන් මෙන්ම ඩිජිටල් තාක්ෂණික නැඹුරුතා ආදිය දරුවාගේ මනස මත්ද්‍රව්‍ය හා විවිධ අනතුරුදායක ක්‍රියාවන් සඳහා යොමු කරනු ලැබෙයි. දරුවන් තුළ දක්නට ලැබෙන මමත්වය, පෞරුෂ හීනකම, තීරණ ගැනීමේ දුබලතා, අධ්‍යාපනයට පමණක් හිත යොමු කිරීම, ක්‍රීඩා හා වෙනත් බාහිර කුසලතා දුර්වල වීම හෝ ඒවායේ නොයෙදීම දෙමාපියන් ඇසුර අඩුවීම, ගුරුවරුන්ගේ උපදෙස් පිළිපැදීම අවම වීමද මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලපානු ඇත. අධ්‍යාත්මික ජීවිතය ආගම දහම අනුව ජීවත්වීමට දරන උත්සාහය පවුල තුළ තිබේ නම් දරුවන් ද එසේ ජීවත් වීමට උත්සාහ දරනු ලබයි. අද වන විට සමාජය තුළ පවුල් සංකල්පය බිඳී යමින් පවතී. මව පියා රැකියාවල නිරතවීම තුළ දරුවන් දිවාසුකුම් මධ්‍යස්ථානවල ජීවත්වීම, බාහිර පුද්ගලයන් සමග හැදී වැඩීම, මව පියා අතර ගැටලු, පියාගේ මත්ද්‍රව්‍ය භාවිතය, මව අවිවේකී වීම ආදී තත්ත්වයන් දරුවාගේ මානසික කායික තත්ත්වයන් වෙනස්වීමට බලපායි. තවද එය දැනුම කුසලතා ආකල්ප හැසිරීම්වලට බලපානු ඇත. මෙසේ කුසලතා ආකල්පය නිවැරදිව වෙනස් කිරීම අතීතයේදී විස්තෘත පවුල ආශ්‍රයෙන් සිදුවිය. එහෙත් දැන් ක්‍රියාත්මක වන න්‍යෂ්ටික පවුල තුළ මව පියා මත පමණක් යැපීමත් සහ දරුවන් රැකබලා ගන්නන්ගේ ක්‍රියා කලාපයන්ද මෙම හැසිරීම්වලට හේතු වේ. ලස්සන ගී ගයමින් නැලවිලි ගීවල පහසින් නින්දට යන දරුවා වෙනුවට දිවාසුරැකුම් මධ්‍යස්ථානවල වැඩෙන දරුවාගේ මනස ක්‍රියාකාරී වන ආකාරය විමසා බලන්න. දවසම මව සමග ගත කරන දරුවා තුළ මැවෙන්නේ කරුණාව දයාව ඉවසීම කණ්ඩායම් හැඟීමයි. ඔවුන් ගේ වීරයා පියා වන අතර පියා පිළිබඳ මවගේ වදන් දරුවාගේ පෞරුෂය සකස්වීමට බලපායි. නීතිගරුක වීම, පිළිවෙළින් වැඩවල යෙදීම, කාල කළමනාකරණය, ආදර්ශමත් බව භාෂාව සහ වචන භාවිතය ගරු කිරීම ආදිය පාසල සහ පවුල තුළ දරුවා ඉගෙනගනී. නවීන තාක්ෂණික මෙවලම් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය දෙමාපියන්ගේ නොනිත් ආශාවන් බලාපොරොත්තු ඉටු කර ගැනීමට වෙර දරන නූතන දරුවෙකු උක්දණ්ඩක් මිරිකෙන්නාක් මෙන් ටියුෂන් විභාග හා නවීන තාක්ෂණික උපාංග යටතේ විනාශ වෙමින් සිටී. අද වන විට ගුරුවරුන් බන්ධනාගාර තුළදී අපිට හමුවේ. උසාවි තුළ සිරගෙවල් මානසික රෝහල් උපදේශන සේවා තුළදී දක්නට ලැබේ. ගැහැණු දරුවන් ගණිකාවන් ලෙසද පිරිමි දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙසද අපට මුණගැසේ. මේ අපගේ අනාගත පරපුරයි. එසේ නම් අද සිට අපගේ දරුවන් පමණක් නොව හැම දරුවකුම අපේ යන හැඟීම අප තුළ වගා කරගත යුතුය. මේ විනාශවන මල් කැකුළුවන් අපේ දරුවන් බේරාගෙන ඔවුන් නිසි අධ්‍යාපනයක් ලබන පෞරුෂයකින් යුතු දැනුම කුසලතා ආකල්පවලින් පරිපූර්ණ දරුවකු බවට පත්කිරීමට කටයුතු කිරීමට උනන්දු විය යුතුය. මේ සඳහා නායකත්වය ජීවනකුසලතා වැඩි වශයෙන් ජීවිතයට එකතු කර ගැනීමට හැකි ක්‍රියාකාරකම්වල නියැළීමට දරුවන් පුරුදු පුහුණු කළ යුතුය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්වල මාධ්‍ය තුළින් තාක්ෂණික මෙවලම් තුළින් දරුවා යෞවනයට පැමිණීමට පෙර සිටම මනසට අයෝග්‍ය දේවල් ඉගෙන ගනී. මේවා අධ්‍යාපනය ලබන දරුවන්ගේ සිත් දූෂිත කරවන සුළු ක්‍රියාකාරකම්ය. වෘත්තීය මට්ටමේ දේශකයෙක්ද වන මා හට මෙවැනි දූෂිත තත්ත්වයන්ට ගොදුරුවූ පාසල් දරුවන්ද පාසල් නොයන දරුවන්ද වයස අවුරුදු දහතුන දහ අට අතර දරුවන්ද බොහොමයක් හමුවී ඇත. එබැවින් ඔවුන්ගේ ගැටළු සාකව්ඡා කිරීමේදී සංවේදී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. එම දරුවන්ට කාගේ පිළිසරණක්ද? පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් මෙවැනි දරුවන් හඳුනා නොගැනීම හඳුනාගත්ත ද ඔවුන්ගේ පෞරුෂයට හානිකරන ආකාරයට කටයුතු කිරීම මත දරුවන් තුළ ගුරුවරුන්ගේ කාර්යභාරය කෙරෙහි විශ්වාසයක් නොමැති බව දක්නට ලැබේ. ජංගම දුරකථන භාවිතය ලිංගිකත්වය, ආදරය, ප්‍රේම සබඳතා, යහළු මිත්‍ර ඇසුර විශාල වරදක් සේ දැකීම තුළ දරුවන් අන් අය අතර කොන්වීමට ලක්වේ. දරුවන්ට නිසි වයසේදී ලිංගිකත්වය ජීවිතය පිළිබඳ අත්දැකීම් මත පැහැදිලි කර දීම ආදරය සහ එහි සුන්දර බව ඒවාට පෙළඹිය හැකි වයස හෝර්මෝන ක්‍රියාකාරීත්වය ඔවුන්ට පමණක් නොවන බව පැහැදිලි කර දීම, බැඳීම් ඇතිවීම, කඩවීම, සතුට, දුක දැනීම සාමාන්‍ය ස්වභාවයන් බවත් ඒවාට පිළිතුරු මත්ද්‍රව්‍ය තුළ නොමැති බවත් පැහැදිලි කර දිය යුතුය. මේ සඳහා දරුවන්ට දැනුම කුසලතා ආකල්ප දියුණු කර ගැනීමට උපකාර ප්‍රවේශයක් ලෙස දෙමාපිය ගුරුවරු යහපත් සබඳතා ඇතිකරගත යුතුය. විභාග සඳහා දක්ෂතා දැක්වීමට අපහසු දරුවන් වෘත්තීය පුහුණු වැනි දේට යොමු කිරීම සාහිත්‍ය, නැටුම්, ගීත වැනි කුසලතා මගින් සතුට වින්දනය කණ්ඩායම් සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම වාදගත් වේ. අනාගතයේ අප රටෙහි වගකීම් භාරගැනීමට සිටින මල් කැකුළුවන් අපගේ දරුවන් ගොඩනැඟිය යුතුය. ඒ සඳහා මතින් නිදහස් වූ පෞර්ෂයකින් යුතුව තීක්ෂණ බුද්ධියෙන් යුතු ස්ථානෝචිත ප්‍රඥාවෙන් සන්නද්ධ වූ සතිමත් සිතක් සහිත දරුවෙක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා ශ්‍රී ලාංකික ඔබ මෙන්ම මමද අප සියලු දෙනාම ඒකරාශී විය යුතුය. යම් ස්ථානයක දරුවකු විනාශ මුඛයට යන්නේ නම් ඒ මගේ දරුවා යැයි සිතන තරමට අපේ සිත් සංවේදී විය යුතු ය. අපගේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය අපරාධ දූෂණ වැනි සියලු අපචාරවලින් වළක්වා ගනිමු. ඒ සඳහා අප අත්වැල් බැඳගනිමු.

කුමුදිනී ජයතිලක
කථිකාචාරිනී (suicidal thoughts a suicidal attempts) මතින් තොර දේශයක් (උප ලේකම්) බාහිර සේවා අධ්‍යක්ෂ (විශ්‍රාමික – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025
Related News
විශේෂාංග

තරුණ දරුවන්ගේ එක්රැස්වීම්වල සැඟවුණු බලය

විශේෂාංග

ශ්‍රී ලංකා හෙද හෙදියන් විදේශ රටවලට සංක්‍රමණය වෙන්නේ ඇයි?

අතිරේක විශේෂාංග

විසිදෙවන සංවත්සරයට පියමං තබන ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය

විශේෂාංග

ළමුන් හුදකලා වෙයි සියදිවි නසා ගැනීම් වැඩි වෙයි

විශේෂාංග

ක්ලැරන්ස් පෙරළියක් ඇති කරපු ගායකයෙක් – දමිත් විජයතුංග

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok