බහාලුම් රථ හිමියන්ගේ සංගමය
නැවත වතාවක් කොළඹ වරායේ බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (25 දා) කීවේය.
අදාළ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට ද හෙතෙම චෝදනා කළේය.
විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව කීවේය.
ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගියදා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කරදී තිබුණ ද මේ වන තෙක් එම භූමියට එකදු රථයක් ඇතුළත් කර නොමැති බව ද ඔහු පැවසීය.
මේ නිසා කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මෙය ඉදිරියටත් සිදුවුවහොත් නැවතත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට ගමන් කිරීමේ අවදානමක් ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් රථවල ඇති බැවින් ඒවා කල්ඉකුත්වීමේ හැකියාවක් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වයන් සමනය කරගැනීමට නම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
චමින්ද සිල්වා