බැංකොක් අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කැපී පෙනුණු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම රන් පදක්කම් 06 ක් රිදී පදක්කම් 04 ක් සහ එක් ලෝකඩ පදක්කමක් ලෙස පදක්කම් 11 ක් දිනා ගැනීමට සමත් වූහ.
සිව් දෙනකුගෙන් සැදුම්ලත් ක්‍රීඩකයින් අතරේ ඉහළින්ම නම සඳහන් කර ගත් රුසිරු චතුරංග ගාල්ලගේ රන් පදක්කම් 02 ක් දිනා ගන්නා අතර වාරයේ දී තවත් රන් පදක්කම් 02 ක් දිනා ගනිමින් සිව් දෙනකුගෙන් සමන්විත වූ ක්‍රීඩිකාවන් අතරේ උඩින්ම නම සටහන් කර ගැනීමට මධුෂානි හේරත් සමත් වූවාය.
රුසිරු චතුරංග ගාල්ලගේ පිරිමි මීටර් 800 සහ මීටර් 1500 ජවන ඉසව් ජය ගන්නා අතර වාරයේ දී මධුෂානි හේරත් කාන්තා දුර පැනීම සහ තුන් පිම්ම යන පිටිය ඉසව් ජයග්‍රහණය කරමින් කැපී පෙනුණි.
මීට අමතරව තම උපරීමය ප්‍රදර්ශනය කළ වික්නරාජ් වොක්ෂන් පිරිමි මීටර් 5000 දුර දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද නිමාලී ලියනාරච්චි කාන්තා මීටර් 800 මැදි දුර දිවීම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්හ.
රන් පදක්කම් ලාභී වික්නරාජ් වොක්ෂන් (පිරිමි මීටර් 1500) සහ නිමාලී ලියනාරච්චි (කාන්තා මීටර් 1500) රිදී පදක්කම් තහවුරු කර ගැනීමට සමත් වීම ද විශේෂත්වයක් ගත්තේය. ඒ අනුව යමින් රිදී පදක්කම් දිනා ගැනීමට අයෝමාල් අකලංක (පිරිමි මීටර් 400 කඩුළු මතින් දිවීම) හා වත්සලා හපුආරච්චි (කාන්තා මීටර් 100 කඩුළු මතින් දිවීම) සමත් වූහ. තම මලල ක්‍රීඩා ජීවිතයේ සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගාවලියේ දී රිදී පදක්කමකින් ගෙළ පැළඳ ගැනීමට වත්සලා හපුආරච්චි සමත් වීම ද ඉහළ වටිනාකමක් එක් කළේය.
තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සෆ්රීන් අහමඩ් (පිරිමි තුන් පිම්ම) ලෝකඩ පදක්කමට හිමිකම් කීය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර