Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බන්ධනාගාර කොමසාරිස් ජනරාල් 09දා තෙක් යළි රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බන්ධනාගාර කොමසාරිස් ජනරාල් 09දා තෙක් යළි රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් 09දා තෙක් යළි රිමාන්ඩ්

June 26, 2025
449 Views

ජනාධිපති සමාව අයථා ලෙස භාවිත කරමින් සිරකරුවකු නිදහස් කළේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (25දා) පස්වරුවේ නියෝග කළාය.

එකී විමර්ශන කටයුතු මේ දක්වා අවසන් වී නොමැති බවත් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවී ඇති එකී අයථා ක්‍රියාවන් පිළිබඳව විමර්ශන සිදුකිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත් සැකකරු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශන කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බවත් පවසමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළ අතුල විත්තිකරු ජනාධිපති සමාවට මුවාවී අයථා ලෙස මුදාහැරීම සාධාරණීකරණය කිරීම සඳහා සැකකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පාදක කරගෙන ඇති අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා බන්ධනාගාර මූලස්ථානය වෙත යොමු කර ඇතැයි කියන ලිපිය මූලස්ථානයට ලැබුණ දින මුද්‍රාව හෝ නොමැති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පැවසුවාය.

එකී ලිපිය පමණක් නොව එකී සිරකරු නිදහස සම්බන්ධයෙන් එක්තරා පුවත්පතක පළවූ ලිපියක් පිළිබඳව ද කරුණු පැහැදිලි කරමින් සැකකරු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත යොමු කර ඇති ලිපිය ද එල්ල වී ඇති චෝදනා සාධාරණීකරණය කිරීමේ අරමුණින්ම සකස් කළ ඒවා බවත් ඒවායේ නිර්ව්‍යාජ භාවය පිළිබඳ බලවත් සැකයක් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පැවසුවාය. එකී ලේඛන දෙකට සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබාදී ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර වන්නේ යැයි ද පැවැසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය යම් ඉදිරිපත් වන සාධාරණ සැකයක් පමණක් නොව විශ්වාසදායී තොරතුරක් මත හෝ යම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාවක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දු මගින් ද තහවුරු කර ඇතැයි ද පැවසුවාය.

ජනාධිපතිවරයා යම් සිරකරුවකුට ජනාධිපති සමාවක් ලබාදීම සඳහා යොදාගනු ලබන නිර්ණායක අනුව ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලබන ලේඛනයේ නම් නොමැති, එසේ නමුත් ඒ සඳහා සුදුසුකම් ලබන සිරකරුවන් නිදහස් කිරීම වසර ගණනාවක් තිස්සේ සිදුවී ඇති බවත් බන්ධනාගාර ආඥා පනතේ 47 වන වගන්තිය අනුව බන්ධනාගාර ජේලර්වරයකුට එකී බලතල ඇති බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයට පැවසීය. ප්‍රශ්නගත සිරකරුව අනුරාධපුර බන්ධනාගාරය මගින් නිදහස් කර ඇත්තේ ජනාධිපති සමාව සඳහා භාවිත කරන එකී නිර්ණායක අනුව ඔහු නිදහස් විය හැකි සිරකරුවකුවීම නිසා වන්නේ යැයිද පැවසූ ජනාධිපති නීතිඥවරයා සුද්දා හැදූ බන්ධනාගාර පනත යටතේ එකී සිරකරු නිදහස් කිරීමෙන් පසුව සමාජ මාධ්‍යයෙන් එල්ල වූ චෝදනාවලින් ගැලවීම සඳහා රජය සිය සේවාදායකයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසීය.

සිය සේවාදායකයා කිසිදු අපරාධමය වරදක් සිදුකර නොමැති බවත් එදා මෙදා තුර සිදුවූ ජනාධිපති සමාව ක්‍රියාදාමය පිළිබඳව පරිපාලනය අවබෝධයකින් තොරව ඔහුව අත්අඩංගුවට ගැනීම කකුලේ රෝගයට ගෙලට බෙහෙත් බැඳීමක් සේ සැලකිය හැකි බවත් ද පැවැසීය.

බන්ධනාගාරය තුළ යම් අක්‍රමිකතාවන් සිදුවන්නේ නම් ඒවාට විසඳුම් ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් දියත් කළ යුතුව ඇත්තේ යැයිද පැවසූ ජනාධිපති නීතිඥවරයා තම පාර්ශ්වය ඒ සඳහා සහය දැක්වීමට සූදානම් බවත් ජනාධිපතිවරයා නිර්දේශ කළ සිරකරුවන් සැවොම නිදහස් නොකරන අවස්ථා මෙන්ම එකී නාමලේඛනයේ නිර්දේශිත පුද්ගලයන්ට පරිබාහිරව වෙනත් සිරකරුවන් නිදහස් කිරීම් ද එදා මෙදා තුර අනන්තවත් සිදුවී ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය “ස්වාමීනි අද මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී පෙනී සිටියා හිටපු අමාත්‍යවරයකු වන මෙල්රෝයි ප්‍රනාන්දු නැමැත්තාගේ බිරිඳ විසින් සිදුකළ මිනීමැරුමකට අදාළ නඩුවකට. එම නඩුවේදී විත්තිකාරිය මරණීය දණ්ඩනය ලැබුවා. මේ තැනැත්තියත් පසුව ලැයිස්තුවට පිටින් ජනාධිපති සමාව ලබා නිදහස්ව තිබෙන බව හෙළිවෙලා තිබෙනවා. පොදු සමාව යටතේ මිනීමැරුම් චෝදනා ලැබූ අය නිදහස් කරන්න බැහැ. එහෙත් එහෙම නිදහස් වෙලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියා ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. නීතිඥ ලක්ෂ්මන් පෙරේරා, දර්ශන කුරුප්පු, සජීව මීගහවත්ත, දිනේෂ් ද මෙන්ඩිස් සහ ලක්ෂිත අබේකෝන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025
Related News
ප්‍රධාන පුවත්

ලක්‍ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියා වසර 22ක් හිරේට

ප්‍රධාන පුවත්

මිද්දෙණියේ ද්විත්ව ඝාතනය කුඩු ආරවුලක් – කොන්ත්‍රාත්තුව ඩුබායි ළහිරුගෙන්

ප්‍රධාන පුවත්

සුරාබදු ඩිජිටල්කරණයට නිලධාරිවාදයකින් ‘බාලගිරි’

ප්‍රධාන පුවත්

බොරැල්ලේ පාතාල වෙඩිල්ලත් මත් ගැටුමක්

ප්‍රධාන පුවත්

ධීවර ඇමැතිට යාපනයේදී දැඩි විරෝධය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok