Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලක්‍ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියා වසර 22ක් හිරේට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලක්‍ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියා වසර 22ක් හිරේට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ලක්‍ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියා වසර 22ක් හිරේට

June 26, 2025
2268 Views

රු. 30,000ක දඩයකුත් විශ්‍රාම වැටුපත් අහිමි වෙයි

ගසක් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩම් හිමියකුගෙන් රුපියල් ලක්‍ෂයක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (25දා) බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් නියම කළේය.

ඊට අමතරව වී. එම්. කමල් මංජුල නමැති එම විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්‍ෂය විත්තිකරුගෙන් දඩයක් ලෙස අයකර ගැනීමටත් නියෝග කළේය. අල්ලස් පනතේ 26 වැනි වගන්තිය අනුව රුපියල් ලක්‍ෂයක මුදල දඩයක් ලෙස අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා අගතියට පත් ලී මෝල් හිමියාට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවීමට ද විත්තිකරුට නියම කළේය. එකී දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත වසර බැගින් වූ සිරදඬුවම් ද නියම කළ විනිසුරුවරයා වසර තුනක් වූ ලිහිල් සිරදඬුවම් කාලය ප්‍රධාන සිරදඬුවමට අමතරව ගෙවී යන පරිදි ලබාදිය යුතු බවට ද නියෝග කළේය. විශ්‍රාම යෑමට මාස හයක කාලයක් ඉතිරිව තිබියදී සිදුකළ එම වරදට වරදකරුවීම නිසා මේ වනවිට 67 හැවිරිදි වියේ පසුවන විත්තිකරුට හිමිවිය යුතු විශ්‍රාම වැටුප ද අහිමි වනු ඇත. ලැබුණ පැමිණිල්ලක් අනුව 2016.3.18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ විත්තිකරුට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා තිබූ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා හයම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට ඇති බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා නිගමනය කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්‍ෂ (නීති) කසුන් ගුණවර්ණසූරිය මහතා සමග පැමිණිල්ල මෙහෙය වූහ. පෙරියන්කුලම ප්‍රදේශයේ පදිංචි එම්. කරුණාරත්න නමැති ලී මෝල් හිමියා එම පැමිණිල්ල සිදුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කොස්ගම වෙඩි මන්නා රමේෂ්ගේ ඕඩරයට

ප්‍රධාන පුවත්

දේශීය සිසුන්ට වැසුණු KDU වෛද්‍ය පීඨයේ දොර යළි ඇරේ

ප්‍රධාන පුවත්

භාතිය ඇතුනි සුව වී යළි නැගිටින්න

ප්‍රධාන පුවත්

සා.පෙළ ප්‍රතිඵල ලබන 20 ට පෙර – විභාග දෙපාර්තමේන්තුව

ප්‍රධාන පුවත්

හාරකෝටි හැටනව ලක්‍ෂයකට විද්ද නාටකය අතේ මාට්ටු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok