බොරැල්ල වනාතමුල්ල පොල්ගහකුඹුර ප්‍රදේශයට පෙරේදා (24දා) සවස කඩාවැදී ටී 56 අවි යොදාගෙන පාතාල කුලී වෙඩික්කරුවන් එල්ල කළ ප්‍රහාරය එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇත.
පාතාල කුලී ඝාතකයන් සම්පත් බණ්ඩාර නමැති අයකු පසුපස පන්න පන්නා වෙඩි තබා ඇති අතර ඔහු දිවගොස් අනූනවයෙන් දිවිගලවා ගෙන ඇති බව හෙළි විය.
මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බොරැල්ලේ ‘චතූ’ නමැත්තා පාතාල කුලී වෙඩික්කරුවන් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. වෙඩික්කරුවන් සම්පත් බණ්ඩාර ඉලක්ක කර වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කර ඇතත් එක් වෙඩි ප්‍රහාරයක් හෝ ඔහුට වැදී නැත.
කුලී වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු