Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුරාබදු ඩිජිටල්කරණයට නිලධාරිවාදයකින් ‘බාලගිරි’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුරාබදු ඩිජිටල්කරණයට නිලධාරිවාදයකින් ‘බාලගිරි’
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

සුරාබදු ඩිජිටල්කරණයට නිලධාරිවාදයකින් ‘බාලගිරි’

June 26, 2025
1040 Views

රජයට බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක්ව පවතින සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය ඩිජිටල් කිරීම සඳහා සිදුකරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව නිලධාරීන් කිහිපදෙනකුගේ අවශ්‍යතාවය මත කල්දමමින් සිටින බවට වාර්තා වේ.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී පරිපාලනය ඩිජිටල් කිරීම සඳහා ටෙන්ඩර් (ලංසු) කැඳවා අවසන්ව ඇතත් නිලධාරීන් කිහිපදෙනාට හිතවත් ආයතන ඉදිරිපත් කළ ලංසු ප්‍රතික්‍ෂේප වීම නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කල්දමමින් සිටින බව පුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ප්‍රදානයන් ලබාගැනීමේදී ප්‍රමුඛ කාරණයක් ලෙස තිබියදීත් නිලධාරීන් කිහිපදෙනකු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණ කිරීමට උත්සාහ කළහොත් එහි අවාසිය ද ශ්‍රී ලංකා ආර්ථිකයට අහිත කර ලෙස බලපා හැකි බවද එම ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

බිලියන 03ක පමණ ආයෝජනයක් වන මෙම ඩිජිටල් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ආයතන 12 ක් ලංසු ඉදිරිපත් කර ඇත. ඒ සඳහා එක් අයකු රුපියල් මිලියන 12 බැගින් ඇපකර තබා ඇත. මෙම ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත නිම කිරීමට නියමිතය. මේ සමගම මත්පැන් බෝතල්වලට දැනට අලවන එහි ප්‍රමිතිය, නිෂ්පාදිත දිනය ඇතුළු කරුණු ඇතුළත් ස්ටිකරය ද දෙපාර්තමේන්තුවේ පරිපාලන ඩිජිටල් ව්‍යාපෘතියට අදාළ කරගෙන වෙනස් කරන ලෙස ද සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ඉල්ලා තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් කීය.

මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතාගෙන් සිදු කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ටෙන්ඩරයට ඉදිරිපත් වූ ආයතන 12න් දෙකක් ප්‍රතික්‍ෂේප වූ බවත්, ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙන් පසුව සිදු කළ යුතු ක්‍රියාදාමයන් මේ වන විට සිදු කරමින් පවතින බවත්ය. ඉදිරි සති දෙක ඇතුළතදී පමණ මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ හැකි බව ඔහු පැවැසීය.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok