Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෞඛ්‍ය ඇමැතිගේ අවධානය පිණිසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 26 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෞඛ්‍ය ඇමැතිගේ අවධානය පිණිසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

සෞඛ්‍ය ඇමැතිගේ අවධානය පිණිසයි

June 26, 2025
890 Views

මොළය මියගොස් දින කිහිපයක් ගතවූ පුද්ගලයකුට ස්නායු සැත්කමක් කළ වෛද්‍යවරියක පිළිබඳ ඊයේ දිවයිනේ ප්‍රධාන පුවතේ පළ විය. මොළය මියගිය කෙනකුට සැත්කමක් කිරීම සමාන වන්නේ ඊජිප්තුවේ පිරමීඩයකින් ගොඩගත් මමියකට කරන සැත්කමකට ය. මේ සැත්කම් දෙකේදීම රෝගියා නැගිටින්නේ නැත. මමියකට කොහොමටත් මොළයක් නැත. මමියක් සකස් කිරීමේ දී මොළය ඇතුළු සියලු අභ්‍යන්තර අවයව ඉවත් කරනු ලැබේ. මෙහිදී මොළය ඉවත් කරනු ලබන්නේ නාස්පුඩුවලට දමන ලද කොක්කක් මගිනි. ඒ නිසා මොළය තිබෙන තැන ඇත්තේ හිස්තැනකි. මොළය මියගිය විට ද මේ හා සමාන තත්ත්වයක් පවතී. හිස්කබල තුළ මොළය තිබුණ ද එය වැඩකරන්නේ නැත. මේ රෝගියාගේ වැඩකරන එකම ප්‍රධාන ඉන්ද්‍රිය වන්නේ හදවත පමණි. මොළය මියගිය රෝගියකු Life Saving Mechine එකකට සවි කළ යුතුය. එය ඉවත් කළ සැණින් හුස්ම ගැනීමට නොහැකි වී රෝගියාගේ මුළු ශරීරයම අභාවයට පත් වෙයි. සාමාන්‍යයෙන් මොළය මියගිය රෝගියකුගේ සෙසු නිරෝගී අවයව වන ඇස්, හදවත, වකුගඩු, අක්මාව වැනි වැදගත් කොටස් ඉවත් කර වෙන කෙනකුට බද්ධ කළ හැකිය. මෙවැනි බද්ධ කිරීම් ලංකාව තුළත්, ලොව පුරාත් නිතර සිදුවෙයි. සාමාන්‍යයෙන් මොළය ආශ්‍රිත ස්නායු සැත්කමක් යනු රුපියල් මිලියන හත අටක් වැයවන සැත්කමකි. පෙර කී වෛද්‍යවරිය මොළය මියගිය රෝගියාට ස්නායු සැත්කම කිරීමෙන් දෙවියන්ගේ චරිතය රඟපෑමට ගිය නමුත් අන්තිමට මාරයාගේ චරිතය රඟපා ඇති අතර, මේ වනවිට කූඩුවට ගොස් සිටී. ඇය මොළය මියගිය රෝගියකුට සැත්කමක් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා උදයේ අධිකරණයට දන්වන ලදී. මේ නිසා ඒ කතන්දරයේ සම්පූර්ණ වගකීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හිමිවන අතර අනාගතයේ දී මේ සම්බන්ධයෙන් ලෙඩක් වැටුණොත් ඒ ගින්න අපට පත්තු නොකළ යුතුය.

ලංකාවේ සෞඛ්‍යය බලවත් ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබේ. එය මේ ආණ්ඩුවේ වරදක් නොවන බව අපි කියන්නේ, ආණ්ඩුව ෂේප් කර ගැනීමට නොව ඇත්ත කතාව එය නිසාය. මීට පෙර පැවැති ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිතුමා හිරේ යමින් ද හිරෙන් එමින් ද කාලය ගතකරයි. ඔහුට විරුද්ධව චෝදනා විශාල ප්‍රමාණයක් තිබේ. එන්නත් කුප්පිවලට වතුර පුරවා ඒවා විශාල මිල ගණන්වලට අලෙවි කිරීම සහ ව්‍යාජ බෙහෙත් මිලදී ගැනීම එකී චෝදනා ය. හැබැයි ඔහුට එරෙහි නඩුව නිමාවට පත්ව නැති බැවින් සැකයේ වාසිය විත්තියට ලැබෙන අතර, අධිකරණයෙන් උත්තරයක් ලැබෙනතුරු ඔහු තවමත් නිවැරදිකරුවෙකි. ලංකාවේ බෙහෙත් ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය ඇති නොවීම පිණිස ලංකාව තුළම ප්‍රමිතිගත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා මහාචාර්ය සේනක බිබිලේ විසින් ඖෂධ ප්‍රතිපත්තියක් සාදා තිබිණ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ පළමු වන සභාපති වූ හෙතෙම ඉතා අබිරහස් ලෙස මළේ ය. බහුජාතික ඖෂධ සමාගම් විසින් ඔහුට වස දුන් බව දැනගන්නට තිබේ. මෙවැනි සිද්ධීන් ඕනෑතරම් ලොව පුරා රටවලින් වාර්තා වී ඇත. වරක් විදේශ සංචාරයකට සහභාගි වූ ඊජිප්තුවේ ජනාධිපති ගමාල් අබ්දුල් නසර්, සංචාරය නිමවා ගෙදර පැමිණි පසු හදිසියේ මළේ ය. මරණ පරීක්‍ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ ශරීරයට විසක් ඇතුළත් වූ බවය. අබ්දුල් නසර්ට හතුරෝ බොහෝ සිටියහ. සමහර විට ඔහුගෙන් නිදහස්වීම සඳහා ඒ කට්ටිය ගේමක් ගහන්නට ඇති. මේ වැඩේ සිද්ධ වෙන්නට ඇත්තේ ජනාධිපති නසර් පෙර කී විදේශ සංචාරයේ දී සම්බාහනාගාරයකට යෑමෙන් පසු යැයි සැකයක් පවතී. එතැන සිටි ‘ළමයින්’ ඔහුගේ ශරීරයට විස කාන්දු කරන්නට ඇති. පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත්ට සිදුවූයේ ද මේ හා සමාන දෙයකි. විදේශ සංචාරයකට සහභාගි වී සිය රට පැමිණි අර්ෆත්ට පිළිකාවක් වැලඳිණ. පසුව ඔහු මළේ ය. ඔහුගේ ශරීරයේ පිළිකාවට ප්ලූටෝනියම් නමැති විකිරණශීලී ද්‍රව්‍ය හේතු වූ බව මරණ පරීක්‍ෂණයේ දී හෙළි විය. ඔහුගේ ඇඟට ප්ලූටෝනියම් ගියේ විදේශ සංචාරයේ දී පුද්ගලයන් කිහිපදෙනකු විසින් ඔහුට අතට අත දී ආචාර කිරීම නිසාය. මේ අයගේ අත්වල ප්ලූටෝනියම් තවරා තිබූ බවට සැකයක් පවතී.

සේනක බිබිලේ ජීවතුන් අතර සිටියේ නම් අද පිටරටින් ගෙන්වන ඖෂධ බොහොමයක් මේ රටේම නිපදවා ගැනීමට තිබිණ. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිතුමා විසින් පිටරටින් ගෙන්වූ ප්‍රශ්නගත එන්නත් කුප්පි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන පරිදි නිෂ්පාදනය කර ගැනීමට එසේ නම් ලංකාවට හැකි වන්නේය.

ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාව මගින් මේ වනවිටත් සෑහෙන තරම් ඖෂධ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. මේ ඖෂධ සියල්ලම එන්නේ ඒවායේ රසායනික නාමයෙන් මිස වෙළඳනාමවලින් නොවේ. එහෙත් එම ඖෂධ බැහැරකොට, එම ඖෂධවලම පිටරටින් එන කීර්තිමත් අනුපිටපත් පාවිච්චි කරන ලෙසට චැනල් දොස්තරලා උපදෙස් දෙති. ඖෂධ සංස්ථාවේ පැරසිටමෝල් පෙත්තක් රුපියලක් නම් එම ඖෂධයේ කීර්තිමත් එංගලන්ත නිෂ්පාදනය රුපියල් සියයකි. මේ ඖෂධ නිර්දේශ කිරීමෙන් දොස්තරට කොමිස් කුට්ටියක් ලැබෙයි. පිටරට ගමන්වලදී ක්ලබ්වලට ගොස් ෆන් ගැනීමේ දී මේ කොමිස් කුට්ටිය පාවිච්චි කිරීමට දොස්තරට පුළුවන. දොස්තර රට ගිය විට පිටරට දී එම කුට්ටිය ලැබෙන නිසා විදේශ විනිමය ප්‍රශ්නයක් ද මතු නොවේ. මේ රටේ ඇතැම් රෝහල්වල අද ඇත්තේ දොස්තරලාත්, නර්ස්ලාත්, ඇඳන් ටිකත්, ලෙඩ්ඩුත් පමණි. අවශ්‍ය බෙහෙත් ෆාමසියේ තිබේ. මෙය සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්සගේ පාලනයෙන් තොර වැඩකි. මේ දුෂ්ට ක්‍රියාවලියට නිර්භය ලෙස පහරදීම මහජන ඡන්දයෙන් බලයට පැමිණි සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්සගේ යුතුකමකි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025
Related News
කතුවැකි

ඩොනල්ඩ්ගේ අලුත් ට්‍රම්පට් එක

කතුවැකි

ජය පරාජයකින් තොර තුන්වන ලෝක යුද්ධය

කතුවැකි

එදා ට්‍රම්ප් සහ මෙදා ට්‍රම්ප්

කතුවැකි

ජනතා සල්ලිවලින් හමන දේශපාලන සැන්.පවුඩර් සුවඳ

කතුවැකි

මරණ මංචකයේදී සිහිවන සේනක බිබිලේ ප්‍රතිපත්තිය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok