ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය හේතුවෙන් ඉන්ධන බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 120ක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.
යුද්ධය ආරම්භවීමට පෙර බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 70ට අඩුවෙන් පැවැති බවත් එය මේ වනවිට ඉහළ යමින් පවතින අතර ඩොලර් මිලියන 120 පමණ දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ උද්ධමනය දැනටමත් දරාගත නොහැකි තත්ත්වයක පවතින බවත්, යුද්ධය පැවතුණහොත් රටේ ඩොලර් සංචිතවලින් මිලියන 500ක් පමණ ඉන්ධන සඳහා අමතරව වැයවිය හැකි බවත් ඒ මහතා පවසයි.
චමින්ද සිල්වා