Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මොළය මියගොස් දින 5කට පසුවත් රෝගියකුට ස්නායු සැත්කමක් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මොළය මියගොස් දින 5කට පසුවත් රෝගියකුට ස්නායු සැත්කමක් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මොළය මියගොස් දින 5කට පසුවත් රෝගියකුට ස්නායු සැත්කමක් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

June 25, 2025
640 Views

හිතවතාගේ ආයතනයෙන් අධික මිලට උපකරණ ගෙන්වා

ඇප ඉල්ලීම ඉවතට

ජ’පුර දොස්තර නෝනා යළි ඇතුළට

රෝහලට ඇතුළත් වන ස්නායු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය EVD හෙවත් External Ventricular Drain සහ VP Shunt නමැති උපකරණ රෝහලේ වාර්ෂික වෛද්‍ය උපකරණ ඇස්තමේන්තුවට ඇතුළත් නොකොට සිය හිතවතෙකු පවත්වාගෙන ගිය ආයතනයකින් ලබාගැනීමට ඔවුන්ගේ ඥාතීන්ට උපදෙස් දී ඇතැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න මහත්මිය ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (24දා) නියෝග කළාය.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය සේවය කළ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුගේ මොළය මියගොස් දින පහකට පසුවත් එකී සැකකාර විශේෂඥ වෛද්‍යවරිය පෙරකී වෛද්‍ය උපකරණ ඉතා අධික මිලකට සිය හිතවතකුගේ ආයතනයකින් ගෙන්වාගෙන එම රෝගියාට ස්නායු ශල්‍යකර්මයක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සැකකාර අධ්‍යක්ෂිකා සුලෝචනී හෙට්ටිආරච්චි මහත්මිය කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

එකී රෝගියා මිය යෑමෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා ඇති බවත් එම ශල්‍යකර්මය සිදුකිරීමට දින පහකට පමණ පෙර රෝගියාගේ මොළය මියගොස් තිබූ බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් සුලෝචනී හෙට්ටිආරච්චි මහත්මිය එම රෝගියාගේ ඥාතීන් ඒ පිළිබඳව සිය කොමිෂන් සභාවට ප්‍රකාශ ලබාදී ඇතැයි ද පැවසුවාය.

එකී වෛද්‍යවරිය ස්නායු ශල්‍යකර්ම හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය පෙරකී වෛද්‍ය උපකරණ රෝහලේ වාර්ෂික වෛද්‍ය උපකරණ ඇස්තමේන්තුවට ඇතුළත් නොකොට තමන් නිර්දේශ කරන ආයතනයෙන්ම ලබාගන්නා ලෙස උපදෙස් ලබාදීම නිසා රෝහලෙන් රුපියල් 17,500ක් වැනි මුදලකටත් පිටත සැපයුම් ආයතනවලින් වර්තමානයේ රුපියල් 46,000ක් වැනි මුදලකටත් ලබාගත හැකිව තිබූ එකී වෛද්‍ය උපකරණ රුපියල් 120,000 ක් හා රුපියල් 250,000ක් වැනි විශාල මුදලක් ගෙවා ලබාගැනීමට රෝගීන්ගේ ඥාතීන්ට සිදුවී ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය විමර්ශන වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

මෙකී අයථා ක්‍රියාකලාපය නිසා රෝහලට අලාභයක් සිදුවී ඇති බවත්, එපමණක් නොව ගෙවුණු වසර කීපය තුළ ඇගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විශාල පිරිසකගේ ඥාතීන්ට ලක්ෂ සිය ගණනක් නිකරුණේ වැය කිරීමට සිදුවී ඇති බවත් අල්ලස් කොමිෂන් සභාව එමගින් අධිකරණයට වාර්තා කොට තිබිණි.

ගරු මැතිනියනි, සැකකාර වෛද්‍යවරියගේ එකී අයුතු ක්‍රියාකලාපය නිසා අගතියට පත් රෝගීන්ගේ ඥාතීන් 90කට අධික පිරිසක් මේ වනවිටත් කොමිෂන් සභාවට පැමිණිලිකොට තිබේ. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. එකී ප්‍රකාශ සටහන් කළ පිරිසට අමතරව තවත් විශාල පිරිසක් ඔවුන් මුහුණ දුන් එවැනි අවාසනාවන්ත සිදුවීම් ගැන දුරකථනවලින් පවා පැමිණිලි කර තිබෙනවා. මා පෙර සඳහන් කළ ආකාරයේ මොළය මියගිය තවත් පුද්ගලයන්ට ද එවැනි ශල්‍යකර්ම සිදුකර ඇති බවත් අනාවරණය වෙමින් පවතිනවා. සැකකරුවන්ට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමෙන් විමර්ශනවලට දැඩි බාධාවක් විය හැකියි. ඒ නිසා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිනවා.

සැකකාර වෛද්‍යවරියට අමතරව එම රෝහලේ කළමනාකරණ සහකරුවකු ලෙස සේවය කළ කැකුලන්දල ලියනගේ ඉන්දික සහ එම වෛද්‍යවරිය අනීතික ලෙස පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක සේවය කළ නිමල් රංජිත් යන සැකකරුවන් තිදෙනා පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබිණි. තමන්ට සිදුවූ එකී අසාධාරණ ක්‍රියාව පිළිබඳව චාමර ප්‍රසාද් නමැත්තා පැමිණිලි කර ඇති බවත් එවිට එම පැමිණිලිකරුට වැය වූ රුපියල් ලක්ෂ දෙකක මුදල හා රෝහල් ගාස්තු සැකකරුවන් ගෙවා ඇති බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

සැකකාර වෛද්‍යවරිය සේවය කළ වාට්ටුවේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළ ඉන්දික නමැත්තා සැකකාර වෛද්‍යවරිය විසින් යොමුකරන රෝගීන් හට පෞද්ගලික ආයතනයේ සේවය කරන නිමල් නමැත්තාගේ දුරකථන අංකය ලබාදී ඇති බවත් රෝගීන් ඇණවුම් කරන ශල්‍යකර්ම අයිතම් සඳහා ගෙවූ මුදලට අදාළ බිල්පත් වට්ස්ඇප් මාර්ගයෙන් අදාළ පාර්ශ්වවලට ලබාදී ඇතත් වෛද්‍ය උපකරණ ගැනුම්කරුවන්ට ලබානොදී එම සැකකරු විසින්ම අදාළ වාට්ටුවට ගෙනැවිත් භාරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ. සමහර අවස්ථාවලදී සැකකාර වෛද්‍යවරිය විසින්ම අදාළ වෛද්‍ය උපකරණ වාට්ටුවට රැගෙන පැමිණ ඇති බවට ද රෝහල් කාර්යමණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශ අනුව අනාවරණය වී ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

සිය සේවාදායිකාව විමර්ශන නිලධාරීන් විසින් රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් රෝහල් භූමියට පැමිණ සිටීම අනුව එය මනාව සැලසුම් කළ ක්‍රියාවක් බව පෙනී යන්නේ යැයි පළමුවන සැකකාරිය වන වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසීය.

රෝගීන්ට අවශ්‍ය සමහර ප්‍රශස්ත මට්ටමේ ඖෂධ වර්ග රෝහලේ නොමැති බැවින් ඒවා පිටින් මිලදී ගතයුතු බව රෝහලේ බිත්තිවල පවා දැන්වීම් අලවා තිබූ බවද අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වසර දෙකක් තිස්සේ සිදුකරන විමර්ශනවලට සිය සේවාදායිකාව කිසිදු ආකාරයකින් බලපෑමක් සිදුකර නැති නිසා ඇයව ඇපමත මුදාහරින ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් පසු ඇගේ සේවය නොලැබීම නිසා එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනකු මියගොස් ඇතැයි ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවසීය. එකී වෛද්‍යවරිය විසින් නියම කරන වෛද්‍ය උපකරණ රාජ්‍ය ඔසුසලේ තිබේ දැයි රෝගීන් හෝ ඔවුන්ගේ ඥාතීන් සොයාබලා නැතිදැයි එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර අදාළ උපකරණ මිලදී ගතයුතු ආයතනය සැකකාර වෛද්‍යවරිය විසින්ම නිශ්චිතව දැනුම්දීම නිසා ඒ පිළිබඳව පැමිණිලිකරුවන් සොයාබැලීමක් සිදුකර නොමැති බව විමර්ශන නිලධාරීහු පැවසූහ.

රෝගීන් විසින් ඖෂධ පිටතින් ලබාගැනීම කිසිදු වරදක් නොවන බවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා විසින් කළ ප්‍රකාශයක් සිරස මාධ්‍ය මගින් ප්‍රචාරයකර ඇති බවත් සමාජ මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාර දෙස බැලීමට පෙර විමර්ශන සිදුකරන අල්ලස් කොමිසම එකී ප්‍රවෘත්ති දෙස බැලිය යුතුව තිබුණේ යැයි තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok