හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ පෞද්ගලික විදෙස් සංචාර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24දා) කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියට වාර්තා කළේය.
පොදු දේපළ පනත යටතේ එකී විමර්ශන ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන් අතර එකී විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී එම අධිකරණයට වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.
ඒ.ජේ.ඒ. අබේනායක